Photobucket

Sunday, March 10, 2013

ගෙවත්තේ තිබෙන තිත්තකොළ දියවැඩියාවට ඔසුවක්‌!

ආහාර හා පෝෂණය වෙනුවෙන් වෙන් වූ මෙම ලිපි මාලාව ඔස්‌සේ මෙතෙක්‌ දිනක්‌ අපි කතා කළේ අපේ ආහාරයේ ඇති හොඳ නරක ගැනය. ගුණ අගුණ ගැනය. විවිධ කණ්‌ඩායම් හා පුද්ගලයන් තුළ පවතින මත හා විශ්වාසයන් ගැනය. එහිදී අපෙන් ප්‍රශ්න කළ ප්‍රේක්‍ෂකයෝ වැඩිදෙනෙක්‌ විමසා සිටියේ විවිධ බෝ නොවන රෝග පීඩාදියෙන් කරදර විඳින ජනතාව කෙසේ තම ආහාර වේල සකසා ගත යුතු ද කියාය.

ඒ අනුව අද පටන් අප අවධානය යොමු කරන්නේ අපේ රටේ බහුලව ඇති බෝ නොවන රෝගවලදී ඊට සුදුසු ආහාර රටාව සකසා ගත යුත්තේ කෙලෙසද යන කාරණය ගැනය. මෙහිදී ආචාර්ය ආනන්ද චන්ද්‍රසේකර පළමුවෙන්ම තෝරාගනු ලැබූයේ "දියවැඩියාව" නම් රෝගී තත්ත්වයයි.

දියවැඩියා රෝගියෙක්‌ ගත යුතු ආහාර වේල ගැන කතා කරන්නට පෙර අපි පළමුව දියවැඩියාව යනු කුමක්‌ද කියල වටහා ගන්නට උත්සාහ කරමු. සරලව කිවහොත් දියවැඩියාව කියන්නේ අපේ ශරීරයේ රුධිරයෙහි පවතින සීනි ප්‍රමාණය පාලනයකින් තොරව ඉහළ යැමයි. ලේවල සීනි වර්ග ගණනාවක්‌ ම තියනවා. නමුත් අපට මෙතනදී වැදගත් වෙන්නේ සරල සීනි, එහෙමත් නැත්නම් "ග්ලූකෝස්‌" කියන සීනි වර්ගයයි.

රුධිරයෙහි පවතින සීනි මට්‌ටම පාලනය කරන සාධක දෙකක්‌ අපේ ශරීරයේ තියනවා. මේ දෙකම අග්න්‍යාසයෙන් ශ්‍රාවය වන හෝමෝන දෙකක්‌. ඒ තමයි

1. ඉන්සියුලින් (Insulin)
2. ග්ලූකොගොන් (Glucogen)

ඉන්සියුලින්වලින් රුධිරයේ සීනි මට්‌ටම අඩු කරනවා. ග්ලූකොගොන්වලින් රුධිරයේ සීනි මට්‌ටම වැඩි කරනවා. ඔය දෙකේ හැසිරීම තුළ තමයි සරලව ගත්තාම අපිට දියවැඩියාව කියන රෝගය ඇතිවන්නේ.

අපේ ශරීරයට වැඩිපුරම සීනි එන්නේ ආහාරවලින්. කාබෝහයිඩේ්‍රට්‌වලින් විශේෂයි. කාබෝහයිඩේ්‍රට්‌ අවශෝෂණය වෙලා අක්‌මාවේදී සරල සීනි හෙවත් ග්ලූකෝස්‌ ලෙස රුධිරයට එකතු කරනවා. ප්‍රොaටීන් වලිනුත් සීනි හැදිල රුධිරයට එකතු වෙනවා. ඒ වගේම ඒ සියල්ලට අමතරව අක්‌මාවටත් පුළුවන් යම් සීනි ප්‍රමාණයක්‌ නිපදවලා ලේවලට එකතු කරන්න.

ලේවල තියන සීනි මට්‌ටම පාලනය කරන්නේ ඉන්සියුලින් නිසා යම් හෙයකින් අග්න්‍යාසයේ ඉන්සියුලින් නිෂ්පාදනය අඩු වුවහොත් දියවැඩියාව සෑදිය හැකියි. මම මේ සරලවයි විස්‌තර කරන්නේ. මේවාට විවිධ හේතුත් තිබිය හැකියි.

මිනිස්‌සුන්ට හැදෙන දියවැඩියාව ප්‍රබේද දෙකකින් හඳුනාගත හැකි වෙනවා.

1. ප්‍රබේදය 1 (Type 1 Diabetes mellitus)
2. ප්‍රබේදය 2 (Type 2 Diabetes mellitus)

මේ ටයිප් 1 දියවැඩියා ප්‍රබේදය පුංචි කාලයේදීම ළමයින්ට වැළඳෙනවා අග්න්‍යාසයේ ඉන්සියුලින් ශ්‍රාවය නොවීම නිසා. එහෙම දරුවන්ට ඉතින් ඉන්සියුලින් ඉන්ජක්‌ෂන් කරන්න ම වෙනවා.

ටයිsප් 2 දියවැඩියා ප්‍රබේදය තමයි අපේ රටේ බහුල. ඒක හැදෙන්නේ වැඩිහිටියන්ට. නොයෙක්‌ හේතූන් නිසා අග්න්‍යාසයේ ඉන්සියුලින් නිසි පරිදි නිෂ්පාදනය නොවීම තුළ මේ ප්‍රබේදය ඇති වෙනවා. මෙතනදී හුඟක්‌ වෙලාවට පාරම්පරික ආවේනිය බලපානවා. විවිධ ශාරීරික හේතු බලපානවා. මෙතනදී ඉන්සියුලින් තියනවා. නමුත් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා තිබිය යුතු ප්‍රමාණයට වඩා ඉන්සියුලින් අවශ්‍ය වෙනවා. ඒ සඳහා බෙහෙත් ගන්න වෙනවා. එහෙම නැත්නම් අපි ගන්නා ආහාර දැඩි ලෙස පාලනය කරන්න වෙනවා.

පළමුවෙන් අපි තමන්ට දියවැඩියාව තියනව කියල නිසැකවම බලාගත යුතු වෙනවා. ඒ සඳහා නිවැරැදි වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය විය යුතුයි. ඕන නම් අපට සරලව කරන රුධිරයේ සීනි මට්‌ටම පිළිබඳව පරීක්‍ෂණයක්‌ කර එය 120mg/dl ට වැඩි නම් දියවැඩියාව ඇති බවට සැක කළ හැකියි. ඒ ආහාර නොගෙන. ආහාර ගෙන සිටින වෙලාවක ඒ මට්‌ටම 180 mg/dl වලට වැඩිය තිබිය යුතුයි. ඊට අමතරව තව විශේෂ පරීක්‍ෂණයක්‌ තියනවා. HB AIC කියන. එම පරීක්‍ෂණයෙන් 7% ට වඩා ප්‍රතිඵල වැඩියෙන් තියනවා නම් ඉතින් දියවැඩියාව තමයි. ඕක තමයි සරළ හැඳින්වීම.

ඊළඟට අපි බලමු ඇයි අපට දියවැඩියාව හැදෙන්නෙ කියලා.

හැදෙන්න හේතු ගණනාවක්‌ තියනවා. අංක එකේ හේතුව තමයි පාරම්පරික ආවේනිය. ඊළඟට ශරීරයේ බර වැඩිවීම, බර වැඩි වන්නේ ඉතින් කට පාලනය කර නොගැනීම නිසා හා ව්‍යායාම නොමැතිකම නිසානේ. යමෙකුගේ ශරීරයේ උසට සාපේක්‍ෂව බර පාලනය කර නොගත්තොත් දියවැඩියාව වැළඳෙනවාමයි.

ඊළඟට අපි මතක තබාගත යුතු කාරණය තමයි දියවැඩියාව නිට්‌ටාවට සුව කළ නොහැකි බව. සමහර අය අග්න්‍යාසය බද්ධ කරලා ආමාශයේ ප්‍රමාණය පුංචි කරලා ඉතා අධික වියදමක්‌ කරලා දියවැඩියාව සුව කරලා තියනවා. ඒ හැරුනාම දියවැඩියාව සුව කරන්න බෑ. හැබැයි පාලනය කරන්න නම් පුළුවන් නිවැරැදි ක්‍රියාපිළිවෙතක්‌ අනුගමනය කළොත්.

සමහරු අහනවා ඇයි මොකද වෙන්නේ. දියවැඩියාව ලෙඩක්‌ තමයි. ඒක ඉතින් තිබිච්චදෙන් කියලා තරුණ කාලේ බය නැතුව කන බොන අයත් ඉන්නවානේ. ඒකට උත්තරයක්‌ තියනවා.

දියවැඩියාව කියන එක නරක ලෙඩක්‌. ඒක වැඩි වුණාම ශරීරයට බලපාන ආකාර කිහිපයක්‌ තියනවා. දියවැඩියාව එක්‌ක බොහොම සම්බන්ධයි රුධිර පීඩනය. ඊළඟට ඊට සම්බන්ධයි කොලෙස්‌ටරෝල්. ඔය දෙකත් එක්‌ක වැඩි වෙනවා හෘදයාබාද ඇති වීමේ ප්‍රවණතාව. දියවැඩියා රෝගීන් වැඩි ප්‍රමාණයක්‌ මිය යන්නේ හෘදයාබාද නිසා. ඒක නිසා දියවැඩියාව, බර වැඩිවීම, රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල්, හෘදයාබාද කියන මේ ඔක්‌කොම ලෙඩ අපි එක සංකීර්ණ තත්ත්වයක්‌ ලෙස ගන්නවා. ඊට අපි කියනවා මෙටබොලික්‌ සින්ෙඩ්‍රාaම් (metabolic Syndrome) කියලා.

මේ නිසා හෘදයාබාද ඇතිවෙනවා.

ඊළඟට දියවැඩියාව ඇස්‌ පෙනීම දුර්වල කිරීමට බලපානවා. ඊට අපි කියනවා රිටිනෝපති (Retinopathy) කියලා. එහි කෙළවර අන්ධභාවය. ඊළඟට තියනවා නෙප්රෝපති (Nephropaathy) කියලා වකුගඩු අක්‍රිය කරවන තත්ත්වයක්‌. වකුගඩු නරක්‌ම වෙලා යනවා. ඊළඟට තියනවා නියුරෝපති (Neuropathy) කියලා ස්‌නායුවලට බලපාන තත්ත්වයක්‌. මෙන්න මේ තත්ත්වයේදී තමයි අවයව කපලා ඉවත් කරන්නේ. බොහෝ අයගේ පාද කපා ඉවත් කරන්නේ මේ තත්ත්වය තුළයි.

මෙන්න මේ කාරණා නිසා අපි දියවැඩියාවට බිය විය යුතු වෙනවා. මේ රෝගය ඉස්‌සරහා කවුරුවත් මෝඩ වීරයෝ වෙන්න ඕන නැහැ. හැබැයි බුද්ධිමත්ව ක්‍රියාකරල නිසි උපදෙස්‌ අරගෙන රෝගය හොඳින් පාලනය කරලා ඒ තුළින් වීරයෝ වෙලා තමන්ට හිමි නිසි ආයුෂ ප්‍රමාණ්‍ය භුක්‌ති විඳිමින් සතුටින් ජීවත් වෙන්නත් කෙනකුට බැරි නැහැ. අද හුඟක්‌ අය ඒ තත්ත්වයට පත්වෙලා ඉන්නවා.

කොහොමද අපි ඒක කරන්නේ. කොහොමද අපි දියවැඩියාව පාලනය කරන්නේ. මෙන්න මේ ටික තමයි මේ ලිපියේ වැදගත්ම කොටස. දියවැඩියාව පාලනය කරන්නට ක්‍රම කිහිපයක්‌ම තියනවා. නිවැරැදි උපදෙස්‌ අරගෙන ඒ ක්‍රමවලට අනුගත වුණාම අපි කවුරුවත් මේ ලෙඩේට බියවිය යුතු වන්නේ නැහැ.

පළමුවෙන්ම හැම කෙනෙක්‌ම තම සෞඛ්‍යය පිළිබඳ සටහන් තබාගැනීමට දින පොතක්‌ ළඟ තබාගත යුතුයි. අපි ඒ ටික තරමක්‌ පැහැදිලි කරගැනීමට මේ විදියට අංක යටතේ සටහනක්‌ තබමු.

1. දිනපොතක්‌ තබා ගැනීම

* නිතිපතා රුධිරයේ සීනි ප්‍රමාණය ගැන සටහන් තබා ගැනීම

* ආහාර ගැන සටහන් තබාගැනීම.

* දිනපතා හැකි පරිදි ව්‍යායාම කිරීම.

* අවශ්‍ය බෙහෙත් ගැනීම.

2. රුධිරයේ පීඩනය පාලනය කිරීම.

3. කොලෙස්‌ටරෝල් පාලනය කිරීම.

4. බර පාලනය කිරීම.

5. මානසික ආතතිය පාලනය කිරීම.

6. දුම් පානයෙන් වැළකීම.

7. මත්පැන් බීමේදී බුද්ධිමත් පාලනයක්‌ ඇතිකර ගැනීම (බොන අය පමණක්‌)

8. සුදුසුකම් ලත් පෝෂණවේදියකු හමුවී ආහාර රටාව ගැන උපදෙස්‌ ලබා පාලනයක්‌ ඇතිකර ගැනීම.

දියවැඩියා රෝගියකුට මෙන්න මේ පියවරයන් ටික ඉතාමත්ම වැදගත් වෙනවා. සමහර අයට මේ සමහර දේවල් කරන්න බැරිව ඇති. ඒකට කමක්‌ නැහැ. කරන්න පුළුවන් දේවල් ටික කළාම ඇති.

අද ලංකාවේ කාටත් පෝෂණවේදියෙක්‌ ළඟට යන්න බැහැනේ. ඒකයි මම කියන්නේ. ලංකාවේ පිට පළාත්වල සෑම රෝහලකටම අඩුම තරමින් එක පෝෂණවේදියෙක්‌ වත් සිටිය යුතුයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඒ අවශ්‍යතාව පිළිගෙන සෑම රෝහලකටම පෝෂණවේදියෝ යෑවිය යුතුයි. බෝ නොවන රෝග හැදෙන්න කලින් වළක්‌වා ගත හැක්‌කේ ඔවුන්ටයි. ඔවුන්ගේ කාර්යභාරය හරියට වුණොත් වෛද්‍යවරුන්ට රෝගීන් වැඩි වන්නේ නැහැ.

ඊළඟට අපි ආහාර ගැනීම ගැන කතා කරමු. ආහාර ගැනීමේදී අපිට වැදගත් වන අවස්‌ථා 3 ක්‌ තියනවා. එය අපි

* නොකළ යුතු
* පාලනය කළ යුතු
* කළ යුතු

කියා කොටස්‌ 3 කට වෙන් කර සාකච්ඡා කරන්නට උත්සාහ කරමු.

අපි නොකළ යුතු දේවල් තමයි ක්‍ෂණික ආහාර ගැනීම. ඔය පිටි වලින් හදන කෙටි ආහාර දියවැඩියා රෝගීන් කිසි විටෙකත් නොගත යුතුයි. රෝල්ස්‌, පැටිස්‌, බනිස්‌, පේස්‌ටි්‍ර වගේ කෑම ගන්න එපා. ඉන් ලැබෙන්නේ තෘප්තියක්‌ පමණයි. ඇති දෙයක්‌ නැහැ. සමහරු ඔය ක්‍රීම්ක්‍රැකර් ජාති කනවනේ අතරමැදට කන්න ඕන කියලා. ඒවා ගත යුතු නැහැ.

ඊළඟ එක තමයි සරල සීනි ආහාර ගත යුතු නැහැ. සරල සීනි තියනවා සීනි දැමූ තේ වල, පැනි බීම වල, පැණි රස තියන රස කැවිලිවල, පාන් වල. ඒවා ගන්න එපා. නරකම බීමක්‌ තමයි මෝල්ටඩ් මිල්ක්‌. ඔය එක එක නම් වලින් තියනවා. ඒවා බිව්වම ක්‍රියාශීලියි, කඩිසරයි කියනවනේ. ඒක මම දන්නේ නැහැ. හැබැයි දියවැඩියාවට නරකයි. අන්තිම නරකයි. මෙන්න මේවා නොකළ යුතුයි. සමහර අය දුක්‌වෙලත් ආතතිය හදාගන්නවනේ. සමහරුන්ට පැණි රස කන්න අවශ්‍යයි. තේ බොන්න, කේක්‌ කන්න, පැණි රස බීම වර්ග බොන්න අවශ්‍යයි. ඇඟට සීනි එන්නේ නැතුව ඒවා කරන ක්‍රම තියනවා. මම පසුව ඒක කියන්නම්. මොකද ආහාර අරන්නෙ සමහරු සතුටු වෙන්නේ. ඒ සතුට ගත යුතුයි.

ඊළඟට තියනවා පාලනය කරගත යුතු ආහාර. ඉන් පළමු දේ තමයි පිටි කෑම. අපි කිව්වා ශරීරයට පිටි කෑම අවශ්‍යයි. අපි ඒක ශරීරයට අවශ්‍ය ප්‍රමාණය බලලා දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය බලලා ඉන් භාගයක්‌ කාබෝහයිඩේ්‍රට්‌ වලින් එන විදියට ගන්න කියලා. එතනදී දියවැඩියා රෝගියෙක්‌ නිතරම ගත යුත්තේ සරල කාබෝහයිඩේ්‍රට්‌ නොවෙයි. එයා ගන්න ඕන සංකීර්ණ කාබෝහයිඩේ්‍රට්‌. ඒ කිව්වේ රුධිරයට සීනි එකතු කිරීමේ ප්‍රතිශතය අඩු (Low Glycemic Index) ආහාර අපි ගත යුතුයි. ඒක අඩු ආහාර තමයි තම්බපු හාලේ බත්, නිවුඩු හාලේ බත් සහ දිගැටි හාලේ බත්. මම කලිනුත් කිව්වා ඇලෙන බත් වල පාන්පිටි වල කුරක්‌කන් පිටි වල ග්ලයිසියම් ඉන්ඩෙක්‌ස්‌ එක ඉතා වැඩියි කියලා. අපි පුළුවන්තරම් එම අගය අඩු මාර්ගවලින් තමයි කාබෝහයිඩේ්‍රට්‌ ගත යුත්තේ. ආහාරයෙන් 50% ක්‌ එම කාබෝහයිඩේ්‍රට්‌ ගන්න උත්සාහ කරන්න ඕන.

පාන් කන්නට ඕන නම් කන්න. ඒත් පෙත්තක්‌ වගේ. දේශීය අල බතල හොඳයි අර්තාපල්වලට වඩා. අර්තාපල්වලට වඩා බතල හොඳයි.

ඊළඟට පුළුවන් තරම් රනිල කුලයේ ආහාර බෝග ගන්න බලන්න ඕන. කඩල, පරිප්පු, කවුපි, මුං ඇට වගේ. මේවායින් කාබෝහයිඩේ්‍රට්‌වලට අමතරව ප්‍රොaටීන් ලැබෙනවා.

ඊළඟට සීනි (පැණි රස) හොඳ නැහැ. නමුත් පැණි රස කන්න ආසයි නම් කෙනකුට පුළුවන් පැණි රස කාරකයක්‌ යොදා ගන්න. ඒ සඳහා තියනවා ඇසපාටෙයින් (Aspartain) සහ ස්‌ටීවියා (Stevia) කියල පැණි රස කාරක දෙකක්‌. මේවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමතයි. ඕනම දේකට යොදල සීනි වෙනුවට කන්න පුළුවන්. සමහරු බොරුවට බයවෙනවා මේවා කෘත්‍රිමයි. ඇඟට හොඳ නැහැ කියලා. එහෙම එකක්‌ නැහැ. සැක අය ස්‌ටීවියා ගන්න. මොකද ඒවා ස්‌වාභාවික රසකාරකයක්‌. අද වෙළෙඳ පොළේ මේවා යොදපු අයිස්‌ක්‍රීම් යෝගට්‌ පවා තියනවා.

ඊළඟට අපි දියර කිරි බොන්න ඕන. පිටිකිරි නොවෙයි. දියර කිරි, නන්µeට්‌ වගේ දේවල්වලට දඟලන්න එපා. ඒ වෙනුවට එළකිරි බීවාට වරදක්‌ නැහැ.

ඊළඟට තෙල් වර්ග පාලනය කරන්න ඕන. අපි ගන්න ඕන තෙල් අසංතෘප්ත මේදය (Un
Sturate Fatty oil)) තුළින්. මේවා ගැන මම කලින් කිව්වා. තෙල් තුළින් අපි ශරීරයට අවශ්‍ය කැලරිවලින් 25% ක්‌ විතර ගන්න ඕන. විශේෂයෙන්ම දියවැඩියාව තියන අයට අසංතෘප්ත මේදය ගැනීම වැදගත්. අසංතෘප්ත මේදය වර්ග 2 ක්‌ තියනවා. එකක්‌ ඔමේගා 3 (Omega 3) අනෙක ඔමේගා 6 (Omega 6) විශේෂයෙන්ම අද පර්යේෂණවලින් ඔප්පුවෙලා තියනවා ඔමේගා 3 තුළින් දියවැඩියාව පාලනයට උපකාර වෙනවා කියලා. හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවයත් ඔමේගා 3 වලින් වැළකෙනවා. මේවා පර්යේෂණ මගින් ඔප්පු කරලා තියනවා.

ඔමේගා 3 තියනවා මාළුවල. ඊට අමතරව බිත්තර කහමදේ තියනවා. ඊට අමතරව කුකුළු මස්‌වල තියනවා. වට්‌ටක්‌කා ඇට වල තියනවා. අලිගැටපේරවල තියනවා. තල තෙල්වල තියනවා. ඔලිව් තෙල්වල තියනවා. කජුවල තියනවා. ඔමේගා 3 හා 6 දෙකම මේ කෑමවල අඩු වැඩි වශයෙන් තියන නිසා දියවැඩියා රෝගීන්ට හොඳයි. හැබැයි ගන්න ඕන අර 25% සීමාව ඇතුළේ ඉඳන්. මම කියනවා දියවැඩියා රෝගියෙක්‌ වුණත් කිසි බයක්‌ නැතුව සතියකට බිත්තර 6 ක්‌ ගත්තාට වරදක්‌ නැහැ කියලා. හැබැයි ඒක කළ යුත්තේ තුළිත ආහාර වේලක්‌ ඇතුළත විතරයි. බත් කිලෝ එකක්‌ දවසට කාල බිත්තරත් කන්න එපා. බත් අඩුවෙන් එළවළු වැඩියෙන් කොළ වැඩියෙන් කෙඳි වැඩියෙන් කන ගමන් බිත්තරයකුත් දවසකට කෑවට කමක්‌ නැහැ.

බත් ග්‍රෑම් 100 ක්‌ වේලකට අරන්, ඊට මාළු කෑල්ලක්‌ හෝ බිත්තරයක්‌ එළවළු වැඩියෙන් කොළ වැඩියෙන් අරන් පලතුරු කෑල්ලකුත් එක්‌ක කන්න පුරුදු වුණොත් අපට ලේසියෙන්ම දියවැඩියාව හා අනෙකුත් ප්‍රශ්න පාලනය කරන තැනට එන්න පුළුවන්.

තිත්ත කොළ වඩාම හොඳයි. ගොටුකොළ, පෙනෙල, කතුරුමුරුංගා, අඟුණ කොළ වගේ තිත්ත ජාතිවල තියනවා පයිටෝකෙමිකල් Phytochemical). ඒවා දියවැඩියා පාලනයට හේතුකාරක වෙනවා කියල ඔප්පු වෙලා තියනවා. සමහර අයගේ මතයක්‌ තියනවා කොළ ජාති පිළිකා කාරකයක්‌ කියලා. ඒක පට්‌ටපල් බොරුවක්‌.

ඊළඟට අපිට අවශ්‍යයි ශරීරයට ප්‍රොaටීන්. අපි ප්‍රොaටීන් පවා ගත යුත්තේ නිවැරැදි සීමාවක ඉදලයි. මස්‌ කන එක හොඳයි. හැබැයි තෙල් ගැන පරිස්‌සම් විය යුතුයි. අපි සමතුලිත ආහාර වේලක්‌ තුළ පාලනය වන අයුරු කලින් කිව්වා. එහිදී ප්‍රමාණ ඉක්‌මවලා යා යුතු නැහැ. සමතුලිත ආහාර වේල කියන එක දියවැඩියා රෝගියකුට ඉතාම වැදගත්.

දියවැඩියා රෝගියෙක්‌ පරිස්‌සම් විය යුතු තව තැනක්‌ තියනවා. ඒ තමයි පලතුරු ගැනීම. ඉදුණු පලතුරු වැඩිපුර ගැනීම දියවැඩියා රෝගියකුට නම් සුදුසු නැහැ. ඉදුණු අඹ කියමු. අඹවල තියනවා සීනිත්. සරල සීනිත් තියනවා. අනෙකුත් විටමින් පයිටෝකෙමිකල් සලකලා අඹ කෑල්ලක්‌ කෑවාට වරදක්‌ නැහැ. නමුත් දියවැඩියා රෝගීන් අඹ ගෙඩි ගණන් කන එක නරකයි. අන්නාසි, ගස්‌ලබු වගේ පැණි රස පලතුරු ගැන පරිස්‌සම් විය යුතුයි. හැබැයි අලිගැටපේර වගේ දේවල් ඉතා හොඳයි.

වැඩිදියුණු කරන ලද සොසේජස්‌, බේකන් වගේ මස්‌ වර්ග නම් හොඳ නැහැ. මීට්‌ බෝල්ස්‌ සුදුසු නැහැ. හැබැයි තෙල් ඉවත් වන විදියට උයලා මස්‌ කෑවට වරදක්‌ නැහැ සතියට දෙතුන් වතාවක්‌.

මේ අයුරින් දියවැඩියා රෝගියෙක්‌ තම ආහාර වේල ගැන ඉතාම පරිස්‌සම් විය යුතුයි. සමතුලිත ආහාර වේලකට පෝෂණවේදියකුගෙන් උපදෙස්‌ අරන් හුරුවෙලා ප්‍රිය උපදවන අයුරින් කෑම වේල සාදා ගත්තොත් අපට ලෙහෙසියෙන්ම දියවැඩියාව පාලනය කරලා නිරෝගී තෘප්තිමත් ජීවිතයකට හුරුවිය හැකියි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all