Photobucket

Sunday, March 10, 2013

ශ්‍රී ලංකාවේ ලස්‌සන චීන බස්‌වල!

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය චීනයේ ප්‍රචලිත කිරීම සඳහා එරට ප්‍රධාන නගර ආවරණය වන පරිදි තනි තට්‌ටුවේ හා තට්‌ටු දෙකේ බස්‌ රථ සියයක දැන්වීම් ප්‍රදර්ශනය කරමින් ප්‍රචාරක ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

මෙම වැඩසටහන මේ මාසයේ ආරම්භ කර මාස හයක කාලයක්‌ චීනය පුරා ක්‍රියාත්මක කෙරේ.

චීනයේ බීජිං හි දෙමහල් බස්‌රථ 50 ක්‌ සහ ශැංහයි ගුඅන්ෂු සහ චෙන්ගු යන නගරවල තනි තට්‌ටුවේ බස්‌ රථ 50 ක්‌ මේ සඳහා යෙදවේ. මෙම වැඩසටහන සඳහා රුපියල් කෝටි 50 ක මුදලක්‌ වැය වෙතැයි ගණන් බලා ඇති අතර දැන්වීම් ප්‍රචාරණ වැඩසටහන පෞද්ගලික ආයතනයකට පැවරීමට තීරණය කර තිබේ.

එළැඹෙන 2016 වර්ෂය වන විට චීනයේ සංචාරකයන් දෙලක්‍ෂ හැත්තෑපන්දහසක්‌ ගෙන්වා ගැනීම රජයේ අරමුණ වී ඇත.

චීනයේ බීජිං නුවර ජනගහනය මිලියන 20 ක්‌ වන අතර ශැන්හයි නගරයේ මිලියන 23 ක්‌ චෙංගු නගරයේ මිලියන 14 ක්‌ හා ගපුන්ෂු නගරයේ මිලියන 13 ක්‌ වෙසෙන බැවින් මෙම වැඩසටහන සාර්ථක වෙතැයි රජය බලාපොරොත්තු වෙයි.

ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා මෙම යෝජනාවට ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය ද ලබාගෙන ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all