Photobucket

Sunday, March 10, 2013

රට කැළඹූ දුමින්ද මෙන්න ඇවිල්ලා

දුමින්ද සිල්වා රටේ චරිතයක්‌ බවට පත්වන්නේ ඔහු විසින් අලවන ලද පෝස්‌ටර් ප්‍රමාණය හේතුවෙනි. පළමු වරට පළාත් සභා ඡන්දයකට ඉදිරිපත් වන අපේක්‍ෂකයකු ඉතිහාසයේ කිසිදාක නොඇලවූ පෝස්‌ටර් ප්‍රමාණයක්‌ දුමින්දගේ ප්‍රථම මැතිවරණ ව්‍යාපාරයේදී එළිදැක්‌විණි. අයෝමය හා සමනල යන දෙඅංශයම කැටි වූ ඔහුගේ පෙනුමත්, බහු ජනමනසේa ඔහු සනිටුහන් වීමට බලපෑවේය.

මනාප යුqද්ධය සඳහා විශාල ඉලක්‌කම් ගණනක්‌ සහිත වැය ශීර්ෂයක්‌ විය පැහැදම් කරමින් දියත් වූ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ඵල ලැබුවේ, නිරන්තරයෙන්ම ලැයිස්‌තුවේ එක දෙක වෙමිනි.

පක්‍ෂවල ප්‍රධාන චරිත පසෙකට දමමින් මනාපයෙන් මුලට ආ දුමින්ද, ඒ සමඟම "ඕපා දූප පිරි" දේශපාලන චරිතයක්‌ බවට පත් විය. අනර්කලී අකර්ෂා වැනි නිළි චරිත සමඟ ප්‍රේම පළහිලව් ඇති කරගෙන පසුව ඒවා අඬදබර කරගත් දුමින්ද රටේ මාතෘකා අතර නිරන්තරයෙන්ම විය.

ඒ අතරින් ඔහු අඛණ්‌ඩ ලෙසම රටට මාතෘකාවක්‌ කරවූයේ 'භාරත ලක්‍ෂ්මන් - දුමින්ද සිල්වා' සිද්ධිය මගිනි. සිද්ධිය පිළිබඳ කතාව සාමාන්‍ය ආකාරයෙන් රටම දන්නා බැවින් හා එය උසාවිය ඉදිරියේ ඇති ප්‍රශ්නයක්‌ බැවින් එම කොටසට කොමාවක්‌ තැබීම සුදුසුය.

භාරත මියගිය, දුමින්ද මරණීය තුවාල ලබන සිද්ධිය ඇති වූයේ 2011 ඔක්‌තෝබර් මාසයේ ය. ඒ සිද්ධිය ගැන කතාව යළිත් පසුගිය සතියේ කරළියට එන්නේ, මාරාන්තික තුවාල ලද දුමින්ද සිංගප්පූරුවේ මවුන්ට්‌ මේරි රෝහලේදී ප්‍රතිකාර ලැබීමෙන් පසු යළිත් ශ්‍රී ලංකාවට පැමිණීම නිසාය.

භාරත - දුමින්ද සිද්ධිය ද කට කතා රාශියක්‌ නිර්මාණය කළේය. මිය ගිය භාරත තනි සුදු චරිතයක්‌ බවටත් තුවාල ලද දුමින්ද කාක කළු චරිතයක්‌ බවටත් සමහරුන් පත් කළහ. සමහරුන් කිව්වේ දුමින්දට එහෙමට අමාරුවක්‌ නැති බවත්, නීතියෙන් ගැලවීමට ඔහු රංගනයක යෙදෙන බවත්ය. අසනීප තත්ත්වයක්‌ මවා පා දුමින්ද රට පැනගත් බවත්, ඔහු යළිත් ශ්‍රී ලංකාවට නොපැමිණෙන බවත් සමහර කට කතා වලින් කියෑවිණි. තවත් සමහරුන් පැවැසුවේ දුමින්ද පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වී ඇති බැවින් ඔහු දැන් මස්‌ ගොඩක්‌ පමණක්‌ බවය.

මේ සියලු කට කතාවලට තනි පිළිතුරක්‌ වෙමින් පසුගිය අඟහරුවාදා දුමින්ද සිල්වා දිවයිනට පැමිණියේ. වසරකට අධික කාලයක්‌ ප්‍රතිකාර ලැබීමෙන් පසුවය. ගුවන් තොටුපළිsන් පැමිණි දුමින්ද සිල්වා අන් මඟීන් මෙන් ගෙදර ගියේ නැත. ඒ වෙනුවට, ඔහුගේ පවුලේ උදවිය ඔහු කැන්දාගෙන යන ලද්දේ කොළඹ නවලෝක රෝහලටය.

දුමින්දගේ පැමිණීම මාධ්‍යයට අනාවරණය වීමත් සමඟ, ඔහුගේ සැබෑ තත්ත්වය ගැන තොරතුරු සොයා මාධ්‍යවේදීන් නවලෝක රෝහල අවට රැස්‌කන්නට විය. ඒ වනවිටත් දුමින්ද රෝහලේ විශේෂ වාට්‌ටුවක්‌ වෙත ඇතුල් කර තිබිණි. රෝහල්ගත කරන ලද දුමින්දට ලැබුණු "සාදර පිළිගැනීම" වූයේ රෝගියකුගේ තත්ත්වයත් සමගම රිමාන්ඩ් සිරකරුවකු බවට පත්වන්නටය. අලුයම 1.35 වන විට කටුනායකට පැමිණි දුමින්ද සිල්වා නවලෝක රෝහලට ඇතුළත් කළ පසු, උදෑසන 10.05 වන විට ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රහස්‌ පොලිසියේ සහකාර පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර හා ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මෙරිල් රන්ජන් ළමා හේaවා ඇතුළු කණ්‌ඩායමක්‌ පැමිණිහ. දුමින්ද සිය අත්අඩංගුවේ පසුවන බව රහස්‌ පොලිසිය විසින් කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් සඳුන් විතාන මහතාට දැනුම් දුන් අතර එහිදී කරන ලද ඉල්ලීමට අනුව මහෙස්‌ත්‍රාත්වරයා විසින් කොළඹ නවලෝක රෝහලට ගොස්‌ දුමින්ද සිල්වාගේ තත්ත්වය පිළිබඳව සිය දෑසින්ම නිරීක්‍ෂණය කළේය. අනතුරුව ලබන 14 වැනිදා තෙක්‌ ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය. දෙපාර්ශ්aවයෙන්ම ඉදිරිපත් වූ කරුණු සලකා බලා නවලෝක රෝහලේ ප්‍රතිකාර ලැබීම සඳහා වන අවස්‌ථාව දුමින්දට මහෙස්‌ත්‍රාත්වරයා ලබා දුන්නේ ඉන්පසුවය.

රිමාන්ඩ් ගත කළ දුමින්ද සඳහා බන්ධනාගාර නිලධාරීහු 20 දෙනෙක්‌ හා ටී 56 ගිනි අවි සහිත සන්නද්ධ පොලිස්‌ කණ්‌ඩායමක රැකවල් මධ්‍යයේ, රෝහල් කාමරයම රිමාන්ඩ් බන්ධනාගාරය බවටද පත් කර ගනු ලැබීය.

මේ වන විට දුමින්ද සිල්වා නවලෝක රෝහලේ සිටින බවට මාධ්‍ය වෙත තොරතුරු ලැබී තිබිණි. දුමින්දගේ තත්ත්වය ගැන දැන ගැනීමට මාධ්‍යවේදීන්ට තිබූ මාර්ගය වූයේ, භාරත - දුමින්ද නඩුවේ දුමින්දගේ නීතිඥයා වූ හේමන්ත වර්ණකුලසූරිය ගෙනි. දුමින්දගේ සහෝදරයා මාධ්‍ය ආයතන හිමිකරුවකු වුවත් එම පවුලේ කිසිවෙක්‌ දුමින්දගේ තත්ත්වය ගැන කිසිදු තොරතුරක්‌ මාධ්‍යයට නොදීමට පරිස්‌සම් වූහ. මේ නිසා දුමින්දගේ අලුත් තත්ත්වය ගැන දැන ගැනීමට තිබූ එකම මග බවට නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය ය. නවලෝක රෝහල ඉදිරිපිට රැස්‌ව හුන් මාධ්‍ය අමතා කතා කළ හේමන්ත වර්ණකුලසූරිය "සිංගප්පූරුවේ ප්‍රතිකාර ලැබූ දුමින්ද සිල්වා මහතා අධිකරණයට ඉදිරිපත් කරන බවට මා ගිය සතියේ අධිකරණය හමුවේ පොරොන්දු වුණා. ඒ පොරොන්දුව ඉටු කරමිනුයි එතුමා යළි පැමිණියේ. දුමින්ද සිල්වා මහතාගේ මාපියනුත් විශාල අවදානමක්‌ ගෙන මගේ පොරොන්දුව ඉටු කිරීම සඳහා එතුමා ලංකාවට ගෙනාවා.

සිංගප්පූරුවේදී ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙන්නේ ඔහුගේ හිස්‌ කබලේ තුවාලය තවමත් සුව වී නැති නිසාත් ශල්‍යකර්මයට භාජන කෙරුණු ස්‌ථානයේ මස්‌ පිඩු තවමත් වැඩෙමින් ඇති නිසාත් ඔහු විසබීජ රහිත ස්‌ථානයක සිsටිය යුතු බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේදී දුමින්දට ශල්‍යකර්මයක්‌ සිදු කළ වෛද්‍යවරයා, රාජකාරි කළ ස්‌ථානයක ඔහු රැඳී සිටිය යුතු බවත් නැතිනම් ඔහුගේ ජීවිතය මහත් අවදානමකට ලක්‌විය හැකි බවත් සිංගප්පූරුවේ වෛද්‍යවරුන් කියා තිබෙනවා.

දුමින්දගේ හිස්‌ කබලේ තවමත් තුවාල ඇති නිසාත් පතරොම් කොටස්‌ හිස්‌ කබලේ ඇති නිසාත් ඔහු විෂබීජ රහිත ස්‌ථානයක තැබිය යුතු යෑයි දුමින්ද සිල්වා මහතාට ශ්‍රී ලංකාවේදී ප්‍රතිකාර කළ ශල්‍ය වෛද්‍යවරිය වන මහේෂි විඡේරත්න මහත්මිය ද ප්‍රකාශ කර තිබෙනවා.

සිංගප්පූරුවේදී දුමින්ද සිල්වා මහතාගේ හිස්‌ කබලේ කොටසක්‌ ඉවත් කර ඇලුමීනියම් පටලයක්‌ එම ස්‌ථානයට යොදා තිබෙනවා. ඒ පටලය සිදුරු සහිත එකක්‌. දැන් ඒ මස්‌ පිඬු වැඩෙමින් පවතිනවා. එය සම්පූර්ණයෙන්ම වර්ධනය වීමට තවත් මාස ගණනක්‌ ගත විය හැකිය.s ඔහු ඒ කාලයේ විෂබීජ රහිත ස්‌ථානයක සිටිය යුතු බව වෛද්‍ය නිර්දේශයයි. ඔහු ජීවත් වීම වෛද්‍ය ප්‍රාතිහාර්යයක්‌. නමුත් විෂබීජයක්‌ ඔහුගේ ශරීරයට ඇතුළු වුවොත් ජීවිතය අවදානම් තත්ත්වයට පත් වෙනවා.

කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් සඳුන් විතාන මහතාත්a රෝහලට ඇවිත් දුමින්ද සිල්වා මහතා පරීක්‍ෂා කළා. ඒ අවස්‌ථාවේ දුමින්ද සිල්වා මහතා සිටියේ නිද්‍රdශීලීවයි. නමුත් ඊට පැය බාගයකට පමණ පෙර මා එද්දී ඔහු අවදියෙන් සිsටියා. ඔහු මාව හඳුනාගෙන "කොහොමද" කියා ඇසුවා" යනුවෙන් මාධ්‍යයට කරුණු පැහැදිලි කළ අතර දුමින්දගේ තත්ත්වය පිළිබඳව වගකීමෙන් ලබාගත හැකි එකම ප්‍රකාශය බවට එය පත් විය.

රිමාන්ඩ් භාරයේ සිටි දුමින්ද සිල්වා වෙත ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් දුමින්දගේ පියා විසින් ඇප අයදුම්පත්‍රයක්‌ ඉදිරිපත් කරන ලද්දේ පසුදාමය. එම ඇප අයදුම්පතේ දුමින්දගේ සෞඛ්‍ය තත්ත්වය ගැන එතෙර මෙතෙර විශේෂඥ වෛද්‍ය වාර්තා ඇතුළත් වී තිබිණි.

වෙඩි වැදීමෙන් ලත් තුවාල හේතුවෙන් දුමින්දගේ හිස්‌කබලේ සෙන්ටිමීටර් 40 ක්‌ පමණ කැපුමක්‌ සිදුවී ඇති බවත් ඔහුගේ මොළය තුළ උණ්‌ඩයක්‌ හා උණ්‌ඩ කැබැලි කිහිපයක්‌ තවමත් තිබෙන බවත් එහි සඳහන් වේ. වෙඩි වැදීමෙන් දුමින්දගේ ස්‌නායු පද්ධතියට සිදුවී ඇති හානිය පූර්ණ කිරීම සඳහා භෞත චිකිත්සක ක්‍රම අනුගමනය කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇති අතර ඔහුගේ කතාව, ස්‌නායු පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම එහි අරමුණ බව ද ඇප අයදුම්පත්‍රයේ සඳහන් වී තිබිණි.

පියා විසින් අධිකරණයට දක්‌වා තිබෙන තොරතුරු අනුව, හිස්‌ කබලේa අහිමි වූ කොටස වෙනුවට ටයිටේනියම් ලෝහයෙන් සාදන ලද කොටසක්‌ හා ඔප්ටියොමෝෂ් බද්ධ කර ඔහුගේ හිස සකසා තිබේ. එම කොටස්‌ මත දුමින්දගේ හිස්‌ කබල වර්ධනය වීමට වසර දෙකත් පහත් අතර කාලයක්‌ ගත වේ. දුමින්දට සිංගප්පූරුවේදී ප්‍රතිකාර කළ වෛද්‍ය කීත් හෝ ගේa වාර්තාවක්‌ මෙහි තහවුරු කිරීම පිණිස ඉදිරිපත් කර තිබේ.

මේ කාරණයෙන් පෙනී යන්නේ දුමින්දට පූර්ණ සුවයක්‌ බලාපොරොත්තු වීම වසර ගණනාවක්‌ ඉවසා ගෙන සිටිය යුත්තක්‌ බවය.

භාරත මිය පරලොව ගොස්‌ දුමින්ද වසර ගණනාවකට එක්‌ තැන් කළ සිද්ධිය අලුත් අලුත් අතුරු පාරවල් ඔස්‌සේ කරළියට පැමිණෙමින් තිබේ. වරෙක සුරූපී හිරුණිකා, සිය පියා වෙනුවෙන් නඟන හඬය. තවත් වරෙක හිස මැදින් ලණුවක්‌ එලුවා සේ තිබෙන දුමින්දගේ කැළැල් සහිත හිසය. මේ සියල්ල රසවත්, උණුසුම් පුවත්a සේ මාධ්‍යය සපයමින් සිsටියි. ජනතාව විඳිමින් සිටියි.

ඒ රසයේ උල්පත ඕජස්‌ ගලන සමාජ දේහයම බව බොහෝ දෙනාට අමතක වී තිබේ. ඒ ඕජසයෙන් පැනනඟින තවත් සිද්ධි රස කිරීමේ ආශාව පමණක්‌ සමාජයට ඉතිරි වී තිබෙන බව පෙනේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all