කන්ද උඩරට රජකළ රූ දරුවන්ගේ ප්‍රධාන ආරක්ෂක මුරපළ පිහිටා තිබූ බලන දුර්ගයේ ඉදි
කර ඇති රාසිංගිරි රජමහවිහාරයේ වර්තමාන තත්ත්වය කනගාටුදායක බව ගම්වාසීහු
පවසති.
සීතාවක රාජසිංහ රජතුමා ඇතුළු කන්ද උඩරට රජදරුවන්, කිහිපදෙනෙකුත්, අවසන්
රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් පා පහස, ලැබූ ඔවුන්ට සෙවණ දුන් මේ
රජමහාවිහාරයට පුරාවිද්‍යා බලධාරීන්ගේ අවධානය කිසිවිටක යොමු වන්නේ
නැතැයි විහාරාධිපති කිරම සුදම්ම හිමියෝ පැවැසූහ.
ගම්වාසීන්ගේ සහායත් තහඩු ආවරණ කළ කුඩා මඩුවක, බණ ශාලාව, දාන ශාලාව, ඉරිදා දහම්
පාසල ඉතා අපහසුවෙන් යුතු වුවත් පවත්වාගෙන යන බව පැවසූ සුදම්ම හිමියෝ අදාළ
බලධාරීන්ගේ අවධානය යොමුකර දෙන්නැයි දිනමිණෙන් ඉල්ලා සිටියහ.
ඓතිහාසික බලන ගිරි දුර්ගයට භාවිතාකොට ඇත්තේ මෙම රාජසිංහ ගිරි ලෙන් විහාරය
පිහිටා ඇති විශාල ගල නිසා බවද පවසන විහාරාධිපති හිමියෝ මේ විහාරස්ථානය
සංරක්ෂණය කොට දෙස් විදෙස් සංචාරකයන් දැනුවත්කොට නැරඹීමට පැමිණිය හැකි
ස්ථානයක් බවට පත්කරන්න යයි බලධාරීන් ගෙන් ඉල්ලා සිටිති.
ගිරි මුදුනට ගොඩවූ විට මහනුවර දෙසින් හන්තාන කඳුවැටිය දකුණු දෙසින් ගම්පොළ
මාවනැල්ලේ වහලේගල කදුගැටය, බටහිරෙන් කෑගල්ල දක්වාද, දක්නට ලැබෙන දසුන
දර්ශනීයය.
එහෙත් මේ වටිනා ඓතිහාසික සිද්ධස්ථානය පොන්නපිටිය, මැජාත්තෑවල, බලන
ප්‍රදේහවාසීන්ට පමණක් සීමා වී ක්‍රමක් ක්‍රමයෙන් අභාවයට යන්නේ පුරාවිද්‍යා
බලධරන්ගේ උදාසීනකම හේතුවෙන් විය යුතුයි.
0 comments:
Post a Comment