බස් රථයක දුම්පානය කිරීමට එපා කියූ විට, කොන්දොස්තරට බැණ, බස් රථය නතර කර
පිරිසක් සමඟ බස් රථයට පහර දී රුපියල් පනස් දහසක අලාභයක් කිරීම සම්බන්ධ
පුද්ගලයන් හය දෙනකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට හෝමාගම අතිරේක
දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් වයි. ආර්. ඩී. නෙළුන්දෙනිය මහතා නියම කෙළේය.
සිද්ධිය පිළිබඳ පාදුක්ක පොලිසිය අධිකරණය හමුවේ මෙසේ සඳහන් කර සිටියේය.
මාර්ග අංක 99 බදුල්ල - කොළඹ පෞද්ගලික බස් රථයකට රාත්‍රි 11.00ට පමණ කොළඹ
ප්‍රදේශයෙන් පුද්ගලයකු නැග ගමන් කරමින් සිටිය දී දුම්වැටියක් දල්වාගෙන
තිබෙනවා. බසයේ සිටි මගීන්ට මෙය බාධාවක් නිසා දුම්වැටිය නිවා දමන්නට කොන්දොස්තර
කීප විටක්ම පවසා ඇතත් එය ගණනකට නොගෙන දුම් වැටිය උරමින් සිට තිබෙනවා.
අනතුරුව බස් රථය හයිලෙවල් මාර්ගය ඔස්සේ මීපේ නගරයට පැමිණෙන විට දී පිරිසක්
මාර්ගය හරස් කරනවා දැක බස් රථය මීපේ - ඉංගිරිය මාර්ගයට හරවා ගමන් කළ විට දී
ත්‍රිරෝද සහ යතුරුපැදි වලින් පැමිණි පිරිසක් බස් රථයට පහර දී තිබෙනවා.
මෙහිදී
බස් රථයේ ගමන් කළ ඇහැලියගොඩ ප්‍රදේශයේ කාන්තාවක් තුවාල වී ප්‍රතිකාර ලබමින්
සිටින බව අධිකරණයට දන්වා සිටියේය.
පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ධිමල් පෙරේරා මහතා ඇතුළු
නිලධාරීන් පිරිසක් පැමිණිල්ල මෙහෙය වූහ.
0 comments:
Post a Comment