Photobucket

Wednesday, February 20, 2013

සීගිරිය නරඹන්නන් පෝලිම්වල

සීගිරිය බිතු සිතුවම් ගුහාව නැරඹීමට මේ දිනවල පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට දිගු වේලාවක් පෝලිම්වල රැදී සිටීමට සිදුව ඇති බව එම සංචාරකයෝ ප්‍රකාශ කරති. බිතු සිතුවම් ගුහාවට ළඟාවෙන සර්පිලාකාර පියගැට පෙල සහ එහි ආරක්ෂිත දැල් දිරාපත්වීම නිසා මේ දිනවල එහි පිළිසකර කිරීම් ආරම්භ කර තිබීම මීට හේතු වී තිබේ. 

දශක අටක් පමණ පැරණි පියගැට පෙල මෙලෙස පිළිසකර කර තිබෙන අතර අනෙක් පියගැට පෙල පමණක් බිතු සිතුවම් ගුහාව නැරඹීමට විවෘත කර තිබීම නිසා සංචාරකයින්ට වැඩි වේලාවක් බලාසිටීමට සිදුව ඇති බවත් පිළිසකර කිරීම් පස්වරු 6.20 න් පසු හා රාත්‍රී කාලයේ සිදු කිරීමෙන් සංචාරකයින්ට සිදුවන පීඩාව අවම කරගත හැකි බව සංචාරකයෝ පෙන්වා දෙති.

මේ පිළිබඳව සීගිරිය ව්‍යාපෘති කළමනාකරු චන්දන වීරසේන මහතාගෙන් කළ විමසුමකදී කියා සිටියේ සතියක පමණ කාලයක සිට පස්වරුවේ පිළිසකර කිරීම් සිදු කළත් මේ දිනවල පවතින අධික වර්ෂාව හා අකුණුසැර එම කාර්යයට බාධාවක් වීම නිසා දිවා කාලයේ දී පිළිසකර කිරීම් ආරම්භ කළ බවත් දින තුනක් ඇතුලත එම කාර්ය අවසන් කිරීමට නියමිත බවත් පැවසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all