නිවෙසේ විදුලි මීටරය සිදුරු කර, එම සිදුර මඟින් වරින් වර කම්බි කූ®රක් ඇතුළත්
කර, නිදහසේ කර කැවෙන මීටරයේ තැටියේ වේගයට බාධා කළ පුද්ගලයකුට හෝමාගම අතිරේක
දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් වයි. ආර්. බී. නෙළුන්දෙනිය මහතා විසින් රුපියල්
දස දහසක දඩ මුදලක් හා විදුලි බල මණ්ඩලයට අලාභ වශයෙන් රුපියල් අසූ තුන් දහස්
දෙසිය අනූවක මුදලක් ගෙවීමට නියෝග කෙළේය.
විදුලි බල මණ්ඩලයේ කොළඹ විශේෂ විමර්ශන අංශයේ සහකාර විමර්ශන නිලධාරී එන්. ලාල්
ප්‍රේමසිරි, පොලිස් පරීක්‍ෂක අජිත් ප්‍රියන්ත, වී. වනිගතුංග (විදුලි කාර්මික)
යන මහත්වරුන් හා අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් සමඟ වැටලීම සිදු කර
අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
0 comments:
Post a Comment