මේ වසරේ පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමී ජාතික රට හරහා දිවීමේ
ශූරතාවලියේ පිරිමි හා කාන්තා ජයග්‍රහණ දෙකම බස්නාහිර පළාතට හිමිවිය.
පසුගිය වසරේ දී මේ ශූරතාවලියේ ජයග්‍රහණ දෙක මධ්‍යම පළාත හා දකුණු පළාත
හිමිකරගෙන තිබිණි.
දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍ර කොටගෙන විශේෂ ධාවන
පථයක මේ තරග පෙරේදා සවස පැවැත්විණි.
ජාතික රට හරහා දිවීමේ ශූරයා ලෙස කිරුළ පැළඳි සම්පත් තිස්ස ගුණසේකර විනාඩි
39:51කින්ද, ශූරිය වූ නිලූකා ගීතානී රාජසේකර විනාඩි 30:23කින්ද තරගය නිමා කළහ.
මේ දෙදෙනාම ජාතික රට හරහා දිවීමේ ශූරතාවලිය පළමු වරට ජයග්‍රහණය කිරීමට
සමත්වීම විශේෂත්වයකි.
මේ දෙදෙනා පසුගිය වසරේ දී ජාතික රට හරහා දිවීමේ තරගයට එක්වූ අතර එහිදී සම්පත්
තිස්ස (වි.41:00) පස්වැනි ස්ථානයට හා ගීතානී රාජසේකර (වි.30:09) දෙවැනි ස්ථානයට
පත්වූහ.
පසුගිය වසරේ පිරිමි අංශයේ ශූරතාව දිනාගත් ඩී.එල්. සමරජීව මෙවර තෙවැනි
ස්ථානයට පත්වූ අතර කාන්තා අංශයේ ශූරතාව දිනාගත් පී.ටී.ඒ.අබේරත්න මෙවර තරගයට
එක්නොවූවාය.
මැරතන් ශූර අජිත් බණ්ඩාර මෙවර සිවුවැනි ස්ථානයට පත්වූ අතර පසුගිය වසරේ දී ඔහු හයවැනි ස්ථානයේ සිටියේය.
එමෙන්ම ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් ලෝකඩ පදක්කම දිනාගත් මල්කාන්ති වීරක්කොඩි පෙරේදා නිමාවූ රට හරහා දිවීමේ ශූරතාවලියේ දී හත්වැනි ස්ථානයට පත්වූවාය.
ජාතික රට හරහා දිවීමේ ශූරතාවලියට පළාත් නවයෙන් ක්‍රීඩකයන් 96ක් හා ක්‍රීඩිකාවන් 64ක් එක්වූහ. පිරිමි අංශයේ තරගය කිලෝමීටර් 12ක් හා කාන්තා අංශයේ තරගය කිලෝමීටර් 8ක් දුර පැවැත්විණි.
තරග ප්‍රතිඵල
පිරිමි
1.සම්පත් තිස්ස ගුණසේකර වි.39:20(බස්නාහිර), 2. සමන් කුමාර වි.39:51(ඌව), 3.ඩී.එල්.සමරජිව වි.40:05(මධ්‍යම), 4.අජිත් බණ්ඩාර වි.40:13 (වයඹ), 5.පී.එන්.ඒ.බණ්ඩාර වි.40:44(මධ්‍යම), 6.ලක්ෂිත සිරිමාන්න වි.40:45(බස්නාහිර ), 7.චමිල නිෂාන් වි.41:05(දකුණ), 8.එම්.ඩී.සංජීව වි.41:24(බස්නාහිර), 9.පී.ඩී.අරුණසිරි වි.41:56(උතුරුමැද), 10.ඩී.එස්.ඊ.ඒ.මල්ලවාරච්චි වි.42:12(මධ්‍යම)
කාන්තා
1.නිලූකා ගීතානී රාජසේකර වි.30:23(බස්නාහිර), 2.බී.පී.එල්.අනුරාධී වි.31:26(මධ්‍යම), 3.නදීෂා කුමාරි වි.31:40(බස්නාහිර), 4.වී.ක්‍රිෂාන්තනී වි.31:59(මධ්‍යම), 5.එල්.ජේ.එම්.ලෝරන්ස් වි.32:45(උතුරුමැද), 6.ඒ.එන්.එල්.ආරියදාස වි.33:02(සබරගමුව), 7.මල්කාන්ති වීරක්කොඩි වි.33:11(ඌව), 8.එම්.නදීෂානී වි.33:37(වයඹ), 9.දීපිකා රත්නමාලී වි.34:10(ඌව), 10.එස්.පී.එම්.පෙරේරා වි.34:27(බස්නාහිර)

0 comments:
Post a Comment