කන්තලේ
ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් සමගිපුර ගම්මානයට ආසන්නව
මඩ වළකට වැටී සිටි ගැබ්බර ඇතින්නගේ ජීවිතය බේරාගැනීමට
දැවැන්ත මෙහෙයුමක නිරතවීමට පසුගියදා කන්තලේ වනජීවී
නිලධාරීන්ට සිදුවිය.
සේරුනුවර - ඇල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයේ රාත්‍රියේ සැරිසරමින් සිටි එම ඇතින්න මහවැලි ගඟ අසල මඩ වළක වැටී සිටිනු දුටු ප්‍රදේශවාසීන් විසින් කන්තලේ වනජීවී ඒකකයේ කලාප භාර අඩවි ආරක්‍ෂක පී. එම්. රත්නායක මහතාට සිද්ධිය දන්වා ඇත. වහා ක්‍රියාත්මක වූ වනජීවී අඩවි සහකාර ඡේ. ඒ. පී. විජයකුමාර මහතා ඇතුළු නිලධාරි කණ්‌ඩායම රෝගාතුරව වැටී සිටි ගැබ්බර ඇතිත්නව බේරාගැනීමේ දැවැන්ත සටනක නිරත වූහ.
ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහතා පැමිණ ඇතින්නට ප්‍රතිකාර කළත් ඇගේ තත්ත්වය බරපතළ වීම නිසා වනජීවී නිලධාරීන්ගේ ප්‍රයත්නය අසාර්ථක විය. පසුගිය 6 වැනි දින ගැබ්බර ඇතින්න දිවියෙන් සමුගත්තාය. මරණයට පත් ඇතින්න සමඟ නිලධාරි කණ්‌ඩායම හා ප්‍රදේශවාසීහු ඡායාරූපයේ වෙති.
0 comments:
Post a Comment