Photobucket

Monday, March 11, 2013

ඩොල්පින් රථයෙන් හොර හරක් අදී

කාලයක පටන් කරගෙන ආ බව කියන ගවයින් සොරකම් කිරීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට මාදම්පේ පොලීසිය සමත්වී ඇත.ඒ සමගම සොරකම් කරන ලද ගවයින් 11 දෙනෙකු සමග සැකකරුවන් සිව් (04) දෙනෙකුද සමග ගවයින් ප්‍රවාහනයට යොදා ගත් වෑන් රථයක්ද අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලීසිය සමත්වී ඇත. මෙ වෑන් රථය ඩොල්පින් වර්ගයේ එකකි. ඉකුත් 07 වැනිදා රාත්‍රීයේ මාදම්පේ පොලිස් වසමේ පුලියන්කාර ප්‍රදේශයේදී සැක කටයුතු වෑන් රථයක් ගවයින් පස් දෙනෙකු ද සමග මුලින්ම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගවයින් ප්‍රවාහනය කරමින් සිටි සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමගම ජාවාරමේ සුලමුල හෙලිවි ඇත. සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත බිංගිරිය - කිනියම ප්‍රදේශයේ ස්ථානයක් පරීක්ෂා කිරීමේදී එම ස්ථානයේ බැඳ සිටි තවත් ගවයින් 05 දෙනෙකු පොලීසිය විසින් සොයා ගෙන ඇත. ඒ අතර ගැබ්බර එළ ගවයින් තිදෙනෙකුද සිට ඇත. එම ස්ථානය පවත්වා ගෙන ගිය   බව කියන පුද්ගලයෙකුද, ගවයින් සොරකම් කිරීම සදහා ඔත්තු බැලූ බව කියන පුද්ගලයෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. එක් සැකකරුවෙකුට එරෙහිව ගවයින් සොරකම් කිරීම සහ ජීව අත් බෝම්බයක් ළග තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විටත් මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බව පොලීසිය කියයි. සැකකරුවන් හලාවත දිසා අධිකරණවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all