Photobucket

Monday, March 11, 2013

ගම්උදා බිමේ සඳුන් හොරු දැලේ

සදුන් ගස් කපා කොළඹට යැවීමේ ජාවාරමක නිරත වු පුද්ගලයෙකු අනුරාධපුර මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් 09 වනදා සවස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.අනුරාධපුර මුලස්ථාන පොලිසියට ලැබුනු තොරතුරකට අනුව අනුරාධපුර පණ්ඩුලගම පැරණි ගම්උදා භූමියේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බවද පොලීසිය පවසයි.  

අත්අඩංගුවට ගත් සැකකරු ලග තිබී සදුන් දැව කිලෝ ග්‍රෑම් 03 ක් පමණ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර පරීක්‍ෂණ සිදුකරන පොලීසිය පවසන්නේ කොළඹ ප‍්‍රදේශයෙන් පැමිණෙන පිරිසක් සදුන් දැව කිලෝවක් රුපියල් 1500 ක පමණ මුදලකට මෙම පුද්ගලයන්ගෙන් මිලදී ගන්නා බවයි. සැකකරු පැරණි ගමීමුදාව භූමියේ තිබෙන සදුන් ගස් කපා එහි පොතු ඉවත් කර කොළඹින් පැමිනෙන්නන්ට අලෙවි කරන බවත් වසර ගණනාවක් තිස්සේ මෙම ජාවාරෙමේ නිරත වි ඇති බවත් පොලිසිය පවසයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all