Photobucket

Monday, March 11, 2013

පාළු නිවසේ මරණවල අභිරහස සොයයි

මහියංගණය හද්දත්තාව ප්‍රදේශයේ පාළු නිවසක තිබි ( 9) සවස 3-00 ටපමණ හමුවු ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනාගේ මරණ තවමත් අභිරහසක් බව මහියංගණය පොලිසිය පවසයි. මෙසේ මරණයට පත්ව තිබුනේ පදියතලාව පොලිසියේ සේවය කළ පොලිස් සැරයන් 43789 එක්නායක මුදියන්සේලාගේ නන්දපාල (46)සහ යුධ හමුදා සෙබලෙක් යැයි සැකකරන ලොකුහැන්දිගේ චමත් ප්‍රි යශාන්ත, (22) යන දෙදෙනාය
 
පොලිස් හිදිස ඇමතුම් 119 අංකයට ලැබුන තොරතුරක් මත පොලිසිය එම නිවසට යනවිට මේ දෙදෙනාගේ මෘත දේහයන් නිවසේ කාමර දෙකක් තුල තිබිණ.

පොලිස් නිළධාරියා බාල්කයට එල්ලී මියගොස් සිටි අතර අනේ තරුණයා නිරුවතින් සිටි බවද පොලිසිය කියයි.

පොලිස් නිළධාරියා යුධ හමුදා තරුණයාට යකඩ පට්ටමකින් පහරදි ඝාතනය කර ඔහු වස පානය කර ගෙල වැල ලාගෙන ඇතැයි සැකකරන නමුත් වැඩිදුර පරික්ෂණ අවසන් වනතෙක් ස්ථිර නිගමනයකට පැමිණිය නොහැකි බව පොලිසිය කියයි. 

විවාහකයෙකු වන පොලිස් සැරයන්වරයාගේ බිරිඳ ගිරාදුරුකෝට්ට රෝහලේ නිළධාරිනියක් වන නිසා ඔහු එම නිලනිවාසයක පදිංචිව සිටි අතර අනෙක් තරුණයා මහියංගණය හොබරියාව පදිංචි කරුවෙකි.

බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් හා බදුල්ල පොලිස් අධිකාරි ෙග්‍රගරි කුරේ යන මහත්වරුන්ගේ උපදෙස් මත මහියංගණය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all