Photobucket

Monday, March 11, 2013

සමහරු මෙත් සෙවනට බය වෙලා:මමත් ඒකට සම්බන්ධයි කියලාත් බය වෙලා

“කිරම විමලජෝති හාමුදුරුවෝ මා එක්ක කීවා සමහරුන්ට අනේ පිංවත්නි කියලා හොදින් කිව්වට තේරෙන්නේ නෑ, ටිකක් හයියෙන් කියන්න ඕනැ කියලා. හාමුදුරුවනේ ,මමත් ඒක හොඳටම පළපුරුද්දෙන් ඉගෙනගත්ත කාරණයක්. උන්වහන්සේ ටිකක් හයියෙන් කතා කළාම සමහර අය බය වෙනවා. මෙත් සෙවන ගැනවත් හෝ ස්වාමීන්වහන්සේලාත් ගැන කිසිකෙනෙක් බියවන්නට අවශ්‍යතාවයක් නෑ. එහෙම බියක් ඇතිකරගෙන ඉන්නවනම් අය බිය තුරන්කරගන්නට කියා මම ඉල්ලා සිටිනවා,යි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය. මෙත් සෙවන” බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් වැඩිදුරටත් කතා කළ ආරක්ෂක ලේකම්වරයා
 
“අපි කවදත් සාමයට කැමති අය. නමුත් සාමයෙන් කරන්න බැරි අවස්ථාවේදී සටනෙන් කරන්න වෙනවා. ඒක දැනගත්ත නිසා තමයි, සාම සාකච්ඡා පැත්තකට දාලා අතිගරු ජනාධිපතිතුමා ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් හරහා මේ රටට අද තිබෙන සාමය උදාකරලා දුන්නේ. අවස්ථාවෙදි හැමෝටම වඩා අපව ධෛර්යමත් කළේ මහා සංඝරත්නයයි. අපේ රට, ආගම, ජාතිය ,සංස්කෘතිය රැකගැනීමට හැමවිටම ඉදිරිපත්වුනේ මහා සංඝරත්නයයි. උන්වහන්සේලා ක්‍රියා කළේ අපි යහමගට යොමු කිරීමට මිස, වෛරය පතුරවන්න නෙවෙයි. මෛත්‍රියෙන් අපේ උරුමය රැකගෙන, ස්වභාධර්මය රැකගෙන අපේ රට ආරක්ෂා කරගැනීම අපි කාටත් උරුම වුනු දෙයක්. අවුරුදු 30ක් තිබුණු ත්‍රස්තවාදය නිසා අපි ආර්ථික සමාජයීය වශයෙන් විශාල ලෙස හානියට පත් උණා. දැන් අපිට අවස්ථාව ලැබිල තියෙනවා මේ රට ආර්ථික වශයෙන් සංවර්ධනය කරන ගමන්ම අපේ ගුණධර්මත් සංවර්ධනය කිරීමට. අද “මෙත් සෙවනආරම්භ වන්නේ සඳහා තමයි. ඔබවහන්සේට අපගේ ගෞරවය හිමිවෙනවා. උන්වහන්සේ මට මුලින්ම කිවුවා හිතේ තියෙන අරමුණ. මම දන්නවා උන් වහන්සේගේ අපේක්ෂාව නිවැරදි බව. ඉතින් උන්වහන්සේට ධෛර් ශක්තිය දෙන්න අපි අද උන්වහන්සේ සමග ඉන්නවා. මෙම උත්සවයට මට ආරාධනා කළ අවස්ථාවේදී සමහර අය බයවෙලා මමත් මෙත් සෙවනට සම්බන්ධ වෙලා තියනවා කියලා.මම හිතන්නෑ,එහෙම බයවෙන්න හේතුවක් තියනවා කියලා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all