Photobucket

Monday, March 11, 2013

පුත්තලමේ කෝටි භාගයේ කොල්ලයට සුදු වෑන් රියක් - පොලිස් නිල ඇඳුම්

පුත්තලම ආනන්ද මාවතේ පදිංචි ව්‍යාපාරික නිවසින් රුපියල් කෝටි භාගයකට ආසන්න මුදල් හා ස්වරණාභරණ කොල්ල කෑවේ ආරක්ෂක අංශයක නිලධාරීන් පිරිසක් විසින්දැයි සැක මතුවී තිබේ. මෙම කොල්ලය සඳහා පාවිච්චි කර ඇත්තේ සුදු පැහැති වෑන් රථයකි. පොලිස් නිල ඇදුමට සමාන ඇඳුමෙන් සැරසුන මොවුන් අත ගිණි අවි සහ මාංචු කුට්ටම්ද තිබී ඇත.
 
ඉකුත් 8 වැනිදා සවස 4 පමණ මෙම කොල්ලය සිදු වී තිබේ.පොලිස් නිල ඇඳුමින් සැරසුන මෙම පුද්ගලයින් ව්‍යාපාරිකයාගෙන් කට උත්තරයක් සටහන් කරගෙන තිබෙන අතර එම කට උත්තරය ලියාගෙන ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් කඩදාසිවල නොවන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කලේය. මෙම කොල්ලයට පුද්ගලයන් 6 දෙනෙක් සහභාගි වී තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all