Photobucket

Monday, March 11, 2013

කෙන්යාවේ අගමැති ඔඩිංගාගේ ජනපති සිහිනය බොඳවෙන හැඩ

කෙන්යාවේ ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම දැනට සිදුවන අතරවාරයේදි අගමැති රයිලා ඔඩිංගා ගේ ආධාරකරුවන් ඡන්ද දූෂණ සිදුවි ඇති බවට චෝදනා එල්ල කරයි. මෙම චෝදනා කෙන්යාවේ මැතිවරණ කොමිසම විසින් වහාම ප්‍රතික්ෂේප කර තිබේ.

දින තුනක කාලයක් තිස්සේ ඡන්දවලින් අඩක් පමණ ගණන් කර ඇති අතර ඔඩිංගාට මිලියන 2.6ක් ඡන්ද ලැබි ඇති අතර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වු නියෝජ්‍ය අගමැති උරු කෙන්යාටා ඡන්ද මිලියන 3. 1ක් දිනා ගැනීමට සමත්ව සිටී.

මීට වසර පහකට පෙර මැතිවරණයේ දී මාරාන්තික ප්‍රචණ්ඩත්වයක් දියත් කරන ලදී. මෙවර ඡන්ද ගණන් කරන අතරවාරයේදීත් උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වී තිබේ. මේ හේතුවෙන් ඡන්ද ගණන් කිරීම අත්හිටු විය යුතු බවට බලපෑම් එල්ල වී ඇත.

තියුණු තරගයක් වූ මේ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් කිරිමට ලබන සඳුදා දක්වා කල් ඇතත් ඊයේ අවසන් ප්‍රථිඵල නිකුත් කිරීමට නියමිත විය. මිලියන 14.3ක් වූ ඡන්දදායකයන් අතුරෙන් 70 % ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. 

එරට ව්‍යවස්ථාව අනුව යම් අපේක්ෂකයකුට එකහෙළා ඡන්දය ජයග්‍රහණය කිරිමට නම් 50 %කට වැඩි ඡන්ද බහුතරයක් මෙන්ම ප්‍රාන්ත 47 ඡන්දවලින් සැම ප්‍රාන්තයකින් ම 25 % කට වැඩි ඡන්දයක් ලබාගත යුතු වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all