උතුරුමැද
පළාත් ආයුර්වේද කොමසාරිස් උදයසිරි චන්ද්‍රකුමාර අල්විස් මහතාට (22)
අළුයම ඇසිඩ් ගැසූ අපරාධකරුවන් දෙදෙනා ඇල්ලීම අනුරාධපුර කොට්ටාශ අපරාධ
විමර්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.අයි.බී. රත්නායක මහතාට
භාර දී තිබේ. රත්නායක මහතා ඉතා දක්ෂ අපරාධ විමර්ෂකයකු වශයෙන්
නමක් දිනා සිටින අයෙකි.
ඔහු වෙත ඇසිඩ් ප්‍රහාරයේ ඉදිරි පරීක්ෂණ භාර දී
තිබෙන්නේ උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් අබේසිරිවර්ධන
මහතා විසින් ය. ඉදිරි දින දෙක තුන ඇතුළත ඇසිඩ් ප්‍රහාරය සම්බන්ධ වූ සියලුම
අපරාධකරුවන් රත්නායක මහතා විසින් අත්අඩංගුවට ගනු ඇතැයි විශ්වාස කෙරේ. මෙය
වෘත්තීය පළිගැනීමක්ද, නැත්නම් රාජකාරි මට්ටමින් ඇති වූ පළිගැනීමක්දැයි යන
කරුණු දෙක කෙරෙහි විශේෂ අවධානය යොමුකර පරීක්ෂණ ආරම්භ වී තිබේ. (21) සවස
ආයුර්වේද කොමසාරිස්වරයාගේ නිවසට ලැබුණ දුරකතන පණිවිඩ සම්බන්ධයෙන් දුරකතන
ජාල පරික්ෂාවක් මේ වනවිටත් ආරම්භ කර ඇත.
0 comments:
Post a Comment