Photobucket

Friday, February 22, 2013

ගුරුවරුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් ඔරුබැඳිවැව ශිෂ්‍යයා තුවාල ලබයි

ගුරුවරුන් දෙදෙනකු විසින් පහරදීම නිසා පාසල් ශිෂ්‍යයකු තුවාල ලබා මහියංගන මූලික රෝහලට (21 දා) සවස ඇතුළත් කර ඇත.

මහියංගන ඔරුබැඳිවැව නව ද්විතීක පාසලේ 13 වසරේ ඉගෙනුම ලබන සම්පත් ප්‍රසාද් වීරකෝන් නමැති ශිෂ්‍යයා මෙලෙස ඊයේ පාසල තුළදී ප්‍රහාරයට ලක්‌වී ඇති අතර ඔහු මේ වන විට මහියංගන මූලික රෝහලේ 8 වාට්‌ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

පාසලේ විදුහල්පතිවරයාගේ පියාගේ අවමංගල්‍ය උත්සවයට (20 දා) බස්‌ රථයකින් බණ්‌ඩාරවෙල ප්‍රදේශයට ගොස්‌ පැමිණෙන විටදී වූ සිදුවීමක්‌ සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුවී ඇති බව කියයි. ශිෂ්‍යයාට පහර දෙන මොහොතේ ඇඳ සිටි කමිසය මහියංගන පොලිසිය වෙත බාරදී ඇති අතර එහි බොත්තන් ගැලවී ඇති අතර සපත්තු අඩි සලකුණු තිබෙන බවද කියයි.

සිද්ධිය පිළිබඳව මහියංගන පොලිසියේ ස්‌ථානාධිපති එස්‌. බී. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණ සිදු කෙරේ.

පාසලේ විදුහල්පතිවරයාගේ පියාගේ අවමංගල්‍ය උත්සවයට  (20 දා) බස්‌ රථයකින් බණ්‌ඩාරවෙල ප්‍රදේශයට ගොස්‌ පැමිණෙන විටදී වූ සිදුවීමක්‌ සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුවී ඇති බව කියයි. ශිෂ්‍යයාට පහර දෙන මොහොතේ ඇඳ සිටි කමීසය මහියංගන පොලිසිය වෙත බාරදී ඇති අතර එහි බොත්තන් ගැලවී ඇති අතර සපත්තු අඩි සලකුණු තිබෙන බවද කියයි.

සිද්ධිය පිළිබඳව මහියංගන පොලිසියේ ස්‌ථානාධිපති එස්‌. බී. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණ සිදු කෙරේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all