තම සපත්තුව තුළ මත්ද්‍රව්‍ය රැගෙන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළට පැමිණි
නියාමකවරයකු බන්ධනාගාර බුද්ධි අංශය මඟින් (19) රාත්‍රියේ
අත්අඩංගුවට ගෙන ඇත.
එම නියාමකවරයාගේ සපත්තුව ඇතුළේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 35ක් හෙරොයින්
ග්‍රෑම් 23ක් බුද්ධි අංශය මඟින් සොයාගෙන තිබේ.
වසර 04ක පමණ සේවා කාලයක් සපුරාලන මෙම නිලධාරියා රිමාන්ඩ් බන්ධනාගාරයේ
සේවයට පැමිණි අවස්ථාවේදී බන්ධනාගාර පිවිසුම් දොරටුවේදී බන්ධනාගාර
නිලධාරීන් මෙසේ සෝදිසි කර ඇත.
එම බන්ධනාගාරයට පැමිණෙන ඕනෑම නිලධාරියෙකු සෝදිසි කර බන්ධනාගාරය තුළට
ඇතුල් කර ගැනීමට ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ මත මේ නියාමකවරයාව
අත්අඩංගුවට ගත් බව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරී චන්දන ඒකනායක මහතා
කියයි.
මේ නියාමකවරයා මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදී ඇත.
0 comments:
Post a Comment