Photobucket

Friday, February 22, 2013

වටවල ගල් කොරියක ගල් කඩාවැටී කම්කරුවෝ තිදෙනෙක්‌ රෝහලේ

වටවල සෙන්ටෙලීයාස්‌ වතුයායේ ගල් කොරියක ගල් කඩා වැටීමෙන් එහි සේවය කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් ගල් කොරියේ සේවය කරමින් සිටි ඩබ්. ජී. කුලසිංහ (අවු.54) ඒ. තිරුචෙල්වම් (අවු.40) තිරුපති බාබු අවු.(36) යන තිදෙනා මෙසේ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම පිරිස සමඟ තවත් පිරිසක්‌ මෙම ගල් කොරියේ සේවය කරමින් සිටින විටදී ගල් කොරියේ උඩ සිට ගල් සහිත පස්‌ කුට්‌ටි පහතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුරින් තුවාල ලැබූ කුලසිංහ යන අය වටවල දිසා රෝහලේ ප්‍රතිකාර ලබන අතර තිරුචෙල්වම් හා තිරුපති බාබු යන දෙදෙනාගේ තත්ත්වය බරපතළ වූයෙන් ඔවුන් දෙදෙනා නාවලපිටිය මූලික රෝහලට මාරුකර යෑවීමට වටවල රෝහල පියවර ගෙන ඇත. මෙම අනතුර පිළිබඳ වටවල වැ.බ. පොලිස්‌ ස්‌ථානාධිපති උ.පො.ප. නිරංජන් උපුල් කුමාර මහතා ප්‍රමුඛ නිලධාරීන් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all