Photobucket

Thursday, February 21, 2013

ටියුනීසියානු අගමැති ඉල්ලා අස්වෙයි

ටියුනීසියාව තුළ නව රජයක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණීමට අ‍පොහොසත් වීමත් සමග එරට අගමැතිවරයා වන ‘හමාඩි ජෙබාලි’ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. විරුද්ධ පක්ෂ නායක ‘චොක්රි බි‍ලේඩ්ගේ’ ඝාතනයත් සමග එරට උද්ගතවූ දේශපාලනික අර්බුදය සමථයකට පත් කිරීමේ අරමුණින් නව සභාග රජයක් පිහිටුවීමට තමා ගන්නා වෑයම අසාර්ථක වුවහොත් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජෙබාලි ප්‍රතිඥා දී තිබිණි. 
  
අගමැතිවරයා විසින් යෝජනා කළ කැබිනට් මණ්ඩලය ඔහුගේ  පක්ෂය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ටියුනීසියා ජනාධිපතිවරයා හමුවීමටද අගමැතිවරයාට සිදුව තිබිණි. සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් අගමැතිවරයා කියා සිටින ලද්දේ සිය ජනතාවට දුන් ‍පොරොන්දුවක් ඉටු කිරීම පිණිස තමා මෙම තීරණය ගත් බවයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all