Photobucket

Friday, February 22, 2013

ටෙලිකොම් ලාභය බිලියන හයකට නගී

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ ව්‍යාපාරයේ මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 6.17 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති බවත්, එය සියයට 19 ක වර්ධනයක්‌ බවත් 2012 වසරේ මූල්‍ය ප්‍රතිඵල වාර්තාව එළිදක්‌වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රකාශ කරයි. 

2012 වසරේ පළමු අර්ධයේ රුපියලේ අගය ශක්‌තිමත් වීම හේතුවෙන්, දෙවැනි අර්ධයේ විදේශ විනිමය හුවමාරු වර්ධනයක්‌ සිදුවී ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 7.2 ක්‌ බවත්, එය සියයට 12 ක වර්ධනයක්‌ බවත්, බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 5.25 ක්‌ වන අතර එය සියයට 10 ක වර්ධනයක්‌ බවත් 2012 මූල්‍ය ප්‍රතිඵල වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

2012 මූල්‍ය ප්‍රතිඵල වාර්තාව එළිදක්‌වමින්,

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති නිමල් වෙල්ගම මහතා මෙසේ පැවසීය.

"ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන ජාල සන්නිවේදන සේවා සැපයුම්කරු ලෙස

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, එකම රටක්‌, එකම හඬක්‌ යන සංකල්පය ඔස්‌සේ යුද්ධයෙන් පසු රටේ විශාල පිබිදීමක්‌ කිරීමට හැකිවීම ගැන අප බෙහෙවින්ම ආඩම්බර වෙනවා.

රටේ තොරතුරු තාක්‌ෂණ ක්‌ෂේත්‍රයට එක්‌වෙමින්, ශීඝ්‍රයෙන් සිදුවන රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක වූයේ සමූහ ව්‍යාපාරයේ ප්‍රාග්ධන වියදමින් රුපියල් බිලියන 42 ක මුදලක්‌ වැය කරමිනුයි.

ජනතාවට සපයන විවිධ සේවා හරහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පමණක්‌ ආදායම රුපියල් බිලියන 34.72 කින් වර්ධනය වී තිබෙනවා. එය සියයට 6 ක ප්‍රතිශතයක්‌. එය වසර 2006 න් පසුව සිදුවූ වාර්තාගත වර්ධනයක්‌ ලෙස එය සලකන්න හැකි බවද වෙල්ගම මහතා පැවසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all