Photobucket

Friday, February 22, 2013

ඉන්දියා රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව රටපුරා දෙදිනක් කම්කරු වැඩ වර්ජනයක්

ඉන්දිය රජයේ කම්කරු විරෝධී පිළිවෙතට එරෙහිව වෘත්තීය සංගම් විසින් කැඳවන ලද දෙදින මහ වැඩවර්නයක් රටපුරා පෙරේදා ඇරඹි තිබිණ.

පසුගිය අවුරුද්දේ රජයෙන් ප්‍රකාශයට පත්කෙරුනු වෙළෙඳපොල හිතවාදී ආර්ථික සංශෝධනයන් මෙන්ම අධි උද්ධමනය හා ඉන්ධන මිල නැගීම ට එරෙහිව ප්‍රධාන කම්කරු සංවිධාන 11 ක් විසින් අරඹන ලද වැඩවර්ජනය හේතුවෙන් රටපුරා මූල්‍ය සේවා හා ප්‍රවාහනය බිඳවැටුනු බව වාර්තාවේ. 

දැනටමත් දශකයදී මුහුණ දුන් මන්දගාමී වර්ධනයක් පවත්නා ආර්ථිකය වැඩ වර්ජනයෙන් විශාල පාඩුවකට මගපාදන්නේ යැයි අනතුරු අඟවමින් එය අත්හරින ලෙස අගමැති මන් මෝහන් සිං වෘත්තීය සංගම් වලින් ඉල්ලා තිබිණ. 

එහෙත් ආර්ථික සංශෝධන අකුලා ‍ගන්නා ලෙසට වෘත්තීය සමිති කළ ඉල්ලිම රජය ප්‍රතික්ෂේප කිරීමෙන් දෙපාර්ශවය අතර පැවති සාක්ච්ඡා බිඳවැටීණ. 

ඉන්දීය වෘත්තීය සංගම් සන්ධානයේ ලේකම් තාපෙන් සෙන් පැවසුවේ රජය කම්කරුවන් මුළුමනින්ම නොතකා ඇති අතර එබව රජයේ කම්කරු විරෝධි පිළිවෙතින්ම පැහැදිලි වන බවය.  රජයේ යෝජිත සංශෝධන යටතේ සිල්ලර වෙළෙදාම ,රක්ෂණය හා ගුවන්සේවා ආදිය විදේශ ආයෝජනයන්ට විවෘත කිරීම, ගොවියන්විසින් වැඩියෙන් 

භාවිත ඩීසල් මිල නැංවීම හා ගෑස් සිලින්ඩර් සහනාධාර ලබන සංඛ්‍යාව අඩුකිරීම ආදියෙන් දුප්පතුනට පහර වදින බව ‍වෘත්තීය සංගම් පෙන්වා දී තිබේ.  ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩලය පෙන්වා දී ඇත්තේ වැඩවර්ජනයෙන් ඩොලර් බිලියන 3.7 ක පාඩුවක් සිදුවන බවය.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all