Photobucket

Friday, February 22, 2013

තිස්‌ස පොලිසියේ 34 දෙනකුට මාරුවීම්

පොලිස්‌පතිවරයාගේ නියෝගයක්‌ මත තිස්‌සමහරාම පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් තිදෙනකු ඇතුළු පොලිස්‌ නිලධාරීන් 34 දෙනකුට වහාම ක්‍රියාත්මක පරිදි ස්‌ථාන මාරුවීම් ලබාදී තිබේ.

මෙම ස්‌ථාන මාරුවීම් ලැබූ සෙසු පොලිස්‌ නිලධාරීන් වනුයේ පොලිස්‌ සැරයන්වරුන් සහ කොස්‌තාපල්වරුන්ය.

පොලිස්‌ ඉතිහාසය තුළ තිස්‌සමහරාම පොලිසියේ වැඩිම පිරිසක්‌ එකවර මාරුකර යවන ප්‍රථම අවස්‌ථාව මෙය වන අතර සේවා අවශ්‍යතා මත මෙම මාරුවීම් ලබා දී ඇති බව පැවසේ.

මාරුවීම් ලැබූ පොලිස්‌ නිලධාරීන්ගෙන් වැඩි දෙනකු හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේම වෙනත් පොලිස්‌ ස්‌ථානවලට අනුයුක්‌ත කර තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all