Photobucket

Sunday, February 17, 2013

ඩොලර් 25,000 ට රැලි නොවැටෙයි

මේ දිනවල තිරගත වන ‘පාකර්’ චිත්‍රපටයේ ජනපි‍්‍රය ගායිකා ජෙනිෆර් ලෝපෙස් ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. ජෙනිෆර්ගේ වයස දැන් අවුරුදු 43 ක්. 

පසුගියදා මේ සුපිරි ගායිකාව, නිළිය, සම රැලි වැටීම වළක්වන උපකරණයක් මිලදී ගත්තා. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 25,000 ක්. 

මෙවැන්නක් ඇය මිලදී ගන්නට තීරණය කළේ පසුගිය දිනයකදී රූපලාවණ්‍යාගාරයකට ගොස් ඇයගේ මුහුණ හැඩ වැඩ කරද්දී එවැනි උපකරණයක් භාවිත කෙරුණු දුටු නිසයි.

ජෙනිෆර් නිතරම උත්සාහ ගන්නේ තමන්ගේ රූසපුව හොඳින් රැක ගන්නට බවයි ඇයගේ සමීපතමයන් කියන්නේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all