එක් පාසල් නිවාඩු කාලයක දී මගේ මවුපියන්ගේ නිවසේ පිරිත් පින්කමක් පැවැත්විණි. ඉතා
සුන්දර ප්‍රදේශයක් වූ මගේ පියාගේ ගම නගරයෙන් තරමක් ඈතින් පිහිටි එකකි.
ඥාතීන් මෙන් ම ගම්වැසියෝ ද රාත්‍රී පිරිත් දේශනයට සවන්දීමට පැමිණ සිටියහ. ඊට අමතරව
පසුදා පවත්වනු ලබන දානමය පින්කමට ආහාර පිළියෙල කරමින් ගමේ හිතවත් ගැහැනු පිරිමි
කිහිපදෙනෙක් ද මුළුතැන්ගෙය අසල අල්ලාප සල්ලාපයේ යෙදී සිටියහ.
මුළුතැන්ගෙයි වැඩවලට උදව්වෙමින් සිටි එක් තරුණ කාන්තාවකි. ඇගේ යොවුන් දියණිය ද ඇය
අසලම වාඩිවී නිදිකිරා වැටෙමින් සිටිනු මම කිහිපවරක්ම දැක්කෙමි. ඇයගේ ගෙවල් අප නිවසේ
සිට තරමක් ඈතින් තිබූ නිසා රාත්‍රියේ ගමන් කිරීමට අපහසු බව මම දැන සිටියෙමි.
”අම්මා මෙතැන උදව් වෙනකල් දුව ගිහිල්ලා නිදාගන්න. අනෙක් නංගිලත් එතැන නිදාගෙන
ඉන්නවා” මම ඉතා කාරුණිකව ඉල්ලීම කළත් ඇය කිසිවිටෙක අම්මා හැරදමා නොගියාය.
පසුව තවත් පැය කිහිපයකට පසුව එළිවන යාමයේ මව සහ දුව ඔවුන්ගේ නිවස කරා ගියහ. දුවගේ
හැසිරීමේ වෙනසක් ඇති බව එම සිදුවීමත් සමඟ හැඟිණි.
පසුදින දානය වේලාවේදී මට ඇගේ මව හමුවූ අතර පෙරදින දුව මෙහි නිදා නොගත්තේ මන්දැයි
විමසීමි. එවිට මව කාරණය පැහැදිලි කළාය.
”දුවට වයස 15යි. නමුත් තාමත් නින්දෙදි මුත්‍රා පිටවෙනවා. කොයිතරම් බෙහෙත් ගත්තත්,
උත්සාහ කළත් නවත්වගන්න බැරිවුණා. ඒ නිසා එයා පිට ගෙදරක නිදාගන්න බයයි.”
ඇගේ කතාවත් සමඟ මට කාරණය පැහැදිලි විය. පසුව මවත් දුවත් සමඟ කළ කතාබහේදී දැනගන්න
ලැබුණේ ඇය කිහිපවිටක්ම ජලයේ ගිලී ඇති බවත්, වරෙක ගංවතුරට ගසාගෙන ගොස් අනූනවයෙන්
දිවි බේරාගත් බවත් ය.
එම අවසාන දැනගැනීම සමඟ මම ඉතා කුතුහලයෙන් යුතුව මෙම දියණියට හා මවට යම් උපදේශන
ක්‍රම කිහිපයක් මේ තත්ත්වයෙන් මිදීමට උපදෙස් දුන්නෙමි.
පසු දිනකදී එම දියණිය මෝහන නිද්‍රාවට පත්කොට පසුපසට ගමන් කිරීමේදී ඇය පවසා සිටියේ,
පෙර ආත්මභවයේ දී ඇය යමෙකුව ජලයට තල්ලුකර මරණයට පත්කිරීමේ වරදට දැන් මෙසේ ජලයෙන්
පීඩා විඳිමින්, නින්දේදී සයනය තෙත් කරමින් දුක්විඳින බවයි.
ඇයගේ වර්තමාන හැසිරීම්
රටාව නිරීක්ෂණය කිරීමේ දී එහි යම් සත්‍යතාවක් ඇති බව මටද හැඟිණි.
ඇයට තම ආගම අනුව පින්කම් කරන ලෙස උපදෙස් ද ලබා දුන්නෙමි. මනෝ උපදේශන හා මෝහන
ප්‍රතිකාර ක්‍රම ද මෙම තත්ත්වයෙන් ඇයව මුදාගැනීමට උපයෝගී කරගැනිණි.
මවගේත්
දියණියගේත් කැපවීම මත අප ව්‍යායාමය සාර්ථක විය. දැන් ඇය රාත්‍රියේදී නොදැනුවත්ව
සයනය නොතෙමයි. වෙනත් අනතුරක් ද මෑතකදී සිදුවී නැත.
එසේ රාත්‍රියේ දී සයනය තෙත්කිරීම සාමාන්‍යයෙන් කුඩා ළමයි සිදු කරන දෙයකි.
අහම්බෙන් එක් අයෙකු තරමක් වැඩිමහලු වන තෙක්ම එසේ කරයි. නමුත් අසාමාන්‍ය ලෙස වයසට
අනුව එය සිදුවන්නේ නම් මෙය නවත්වා ගත යුතුය. නැතහොත් එය එම ළමයාගේ පෞරුෂයට බලපානු
ඇත. මෙය ඉතා ලෙහෙසියෙන් නවතාගත හැකි තත්ත්වයකි.
0 comments:
Post a Comment