Photobucket

Sunday, February 17, 2013

මගේ හත්මුතු පරම්පරාවේ කවුරුවත් කුඩු තියා සිගරට් එකක් වත් විකුණලා නැහැ

“කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ සිදුවූ සිදුවීම් අලලා ඇතැමුන් මගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කරන්න හැදුවා. අපි කුඩු විකුණනවා කියා ප්‍රචාරය කළා. මගේ හත්මුතු පරම්පරාවේ කිසිකෙනෙකුවත් කුඩු විකුණලා නැහැ අඩු තරමේ සිගරට් එකක් වත් විකුණලා නැහැ” යැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න මහතා ඉකුත් දා පැවසීය. 

මාධ්‍ය ඉතා වගකීමෙන් කටයුතු කළ යුතුයි, ඇතැම් මාධ්‍ය ආයතන වගකීමෙන් තොරව වැඩ කරනවා. අපරාධ නීතිය තිබුණනම් හොඳයි කියා ජනමාථ්‍යයට නිදහස අවශ්‍ය වගේම ජනතාවටත් නිදහස අවශ්‍යයි. දේශපාලනයට එන්න කලින් මම නීතිඥවරයෙක් ඒ වෘත්තිය අත්හැරලා තමයි දේශපාලනයට ආවේ. 

ඔය කොටකෙතන කියන ගම හැදුවේ මම, මාර්ග, විදුලිය ලබා දීල. ධර්මසිරි කියන අය ප්‍රා‍දේශිය සභා මන්ත්‍රීවරයෙක් ඔහු මගේ ලේකම්වරයෙක් ලෙස කටයුතු කළා ඔහුගේ සහෝදරයෙකුයි එයාගේ බිරිදයි මිනීමැරුම් චෝදනාවකට අත්අඩංගුවට ගත්තා එය දැනගත්ත වහාම මම ධර්මසිරිව ලේකම් ධූරයෙන් ඉවත් කළා. මට වැඩිපුරම චෝදනා එල්ලවුනේ විරුද්ධ පක්ෂයෙන් නොවෙයි අපේ පක්ෂයේ අයගෙන්මයි. මාව මේ තැනින් ඉවත් කරන්න ඒ අයට ඕණ වුණා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all