Photobucket

Friday, February 22, 2013

2011-Z අවුලට ලක්‌වූ සිසුන්ට යළි උසස්‌ පෙළට වරම්

ඉකුත් 2011 අ.පො.ස. උසස්‌ පෙළ විභාගයේදී ඉසඩ් ස්‌කෝර් අර්බුදයෙන් අසාධාරණයට ලක්‌වූ සිසුන්ට සිව්වැනි වතාවටත් උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමට අවස්‌ථාව ලබා දීමට ඇමැති මණ්‌ඩලය  (21 වැනිදා) තීරණය කර ඇත.

ඒ අනුව 2011 වසරේ තෙවන හා අවසන් වතාවට උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට 2013/2014 අධ්‍යයන වර්ෂය සඳහා පමණක්‌ අදාළ වන පරිදි පැරැණි හෝ නව විෂය නිර්දේශය යටතේ මෙවර අවසන් වතාවට විභාගයට පෙනී සිටිය හැක.

තවද 2012 වසරේ තෙවන සහ අවසන් වතාවට උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමට හැකියාව තිබූ නමුත් ඊට අවස්‌ථාව නොලද සිසුන්ට සිය අභිමතය පරිදි පැරැණි හෝ නව විෂය නිර්දේශය යටතේ මෙවර අවසන් වරට විභාගයට පෙනී සිටීමට අවස්‌ථාව හිමි වේ. එමෙන්ම 2012 වසරේ තෙවන හා අවසන් වතාවට උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට 2013/2014 අධ්‍යයන වර්ෂය සඳහා පමණක්‌ අදාළ වන පරිදි මෙවර අවසන් වතාවට විභාගයට පෙනී සිටිය හැක.

උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා මීට අදාළ යෝජනාව ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all