ශ්‍රී ලංකාවේ සංවර්ධනයට න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගැනීමට අදාළ දැනුම දේශීය
විද්‍යාඥයන්ට ලබා දීම සදහා වෘත්තීය පුහුණු සැසි පැවැත්වීමට රුසියානු
සමූහාණ්ඩුවේ රාජ්‍ය මානව සම්පත් දෙපාර්තමේන්තු කණ්ඩායම එකඟ වේ. මෙම කණ්ඩායම
තෙදින නිළ සංචාරයක් සඳහා පසුගිය දා(18) මෙරටට පැමිණියහ.
මේ පිළිබඳ අදහස් දක්වමින් තාක්ෂණ පර්යේෂණ හා පරමාණු බල ශක්ති ඇමැති පාඨලී
චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ, රටේ සංවර්ධන කාර්යයන් සඳහා න්‍යෂ්ටික තාක්ෂණය
භාවිත කිරීමේ දී ඒ සඳහා අවශ්‍ය පසුබිම අධ්‍යනය කිරීම සහ න්‍යෂ්ටික තාක්ෂණය
සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික සාකච්ඡා ඇති කර ගැනීම ඔවුන්ගේ මෙම සංචාරයේ අරමුණ
බවයි.
ඔවුන් සමග පැවැති සාකච්ජාවේ දී රුසියානු සමූහාණ්ඩුවේ භාවිත කරන ගුණාත්මක
සාමකාමී න්‍යෂ්ටික යොදා ගැනීම් පිළිබඳ වැඩි අවධානය යොමු කර තිබේ.
විකිරණ සහ න්‍යෂ්ටික ආරක්ෂණ කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමට සහ රට තුළ
න්‍යෂ්ටික තාක්ෂණය සංවර්ධනයට සහ ඒ සදහා වන යටිතල පහසුකම් සංවර්ධනයට
ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීමේ අවශ්‍යතාව පිළිබඳ ද විශේෂ අවධානයක් යොමු
කර ඇත.
ඉදිරියේ දී අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කරන බව අමාත්‍යාංශය
පෙන්වා දෙයි.
රුසියානු සමූහාණ්ඩුවේ දූත පිරිස එහි රාජ්‍ය මානව සම්පත් දෙපාර්තමේන්තුවේ
අධ්‍යක්ෂ වී.වී කරේෂින් මහතා ප්‍රමුඛ හත් දෙනකුගෙන් සමන්විත විශේෂඥ
කණ්ඩායමකින් සමන්විත විය.
මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර්
කර්චාවා, ඇමති පාඨලී චම්පික රණවක, අමාත්‍යාංශ ලේකම් ධාරා විජේතිලක, පරමාණුක
බල ශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විජේවර්ධන මහත්ම මහත්මීන් සහභාගි
වූහ. මෙම සාකච්ඡාව තාක්ෂණ පර්යේෂණ හා පරමාණු බල ශක්ති අමාත්‍යාංශයේ දී
පැවැත්විණ.
0 comments:
Post a Comment