Photobucket

Tuesday, January 8, 2013

දැඩි සුළඟින් හල්දුම්මුල්ලේ හා හපුතලේ නිවාස 511 කට හානි

බදුල්ල දිස්‌ත්‍රික්‌කයට අයත් හල්දුම්මුල්ල හා හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස දෙකට පසුගියදා බලපෑ සුළි සුළං තත්ත්වය හේතුවෙන් (07 දා) සවස 2.00 පමණ වන විට පවුල් පහක්‌ අවතැන්ව නිවාස 511 ක්‌ පූර්ණ හා අර්ධ වශයෙන් හානියට පත්ව තිබූ බව බදුල්ල අතිරේක දිස්‌ත්‍රික්‌ ලේකම් එම්. ඒ. එච්. සිල්වා මහතා  පැවැසීය.

මෙහිදී වැඩිම හානියක්‌ සිදුවූ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ නිවාස 12 ක්‌ පූර්ණ හානියට පත්වී තිබූ අතර නිවාස 472 ක්‌ අර්ධ වශයෙන් හානියට පත්ව තිබිණි. බදුල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ උපදෙස්‌ මත විපතට පත්වූවන්ට මේ වන විටත් වියළි සලාක හා සෙවිළි ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක්‌ ආරම්භ කර ඇතැයි ද සිල්වා මහතා පවසයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all