Photobucket

Tuesday, January 8, 2013

ඉන්දියාවේ දියණියගේ සැබෑ නම පියා හෙළි කරයි

පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී බස් රථයක් තුළදී සමූහ දූෂණයට ලක්ව මියගිය විසිතුන් හැවිරිදි වෛද්‍ය සිසුවියගේ නම ‘ජෝති සිං පාන්ඩේ’ බව ඇගේ පියා විසින් හෙළිකර තිබේ. ඒ බව පළමුවරට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් පියා වන ‘බද්‍රි සිං පාන්ඩේ’ තම තීරණයට හේතුව ලෙස දක්වා සිටින ලද්දේ මෙබඳු අතවරයන්ට මුහුණ පා ජීවත්වීමේ වාසනාව ලද සෙසු කාන්තාවන්ට එමගින් යම් ධෛර්යයක් ලබාදීම බවයි. 

උත්තර් ප්‍රදේශ් හි සිට මෙම ප්‍රකාශය නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් කියා සිට ඇත්තේ සිය ආදරණීය දියණියට මෙබඳු අපරාධයක් සිදු කළ ‘මෘගයන්’ තමා දැකීමටවත් කැමති නැති නමුදු ඔවුන් හට මරණ දණ්ඩනය ලබාදීම පමණක් තමාට අවශ්‍ය වන බවයි. පසුගියදා ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මියගිය තරුණිය සමග එම බියකරු අවස්ථාවට මුහුණ දුන් ඇගේ පෙම්වතා වන විසිඅට හැවිරිදි ‘අවින්ද්‍ර පාන්ඩේ’ පවසා ඇත්තේ තමන් දෙපළව කොටු කර ගැනීමට අපරාධකරුවන් පිරිස සැලසුම් සහගතව කටයුතු කරන ලද බවයි. 

සිද්ධිය ඇසින් දුටු එකම සාක්ෂිකරු අවින්ද්‍ර බවට විශ්වාස කෙරෙන අතර අනතුරෙන් ඔහුගේ පාදයක්ද බිඳීමකට ලක්ව තිබේ.  තරුණියගේ මරණයත් සමග ඉන්දියාව පුරා ස්ත්‍රී දූෂකයන්ට විරුද්ධව දැවැන්ත විරෝධතා හටගෙන තිබුණද ඉකුත් සිකුරාදා 21 හැවිරිදි තරුණියක නවදිල්ලියේදීම රාත්‍රියේ වැඩ නිමවී පැමිණෙන විට පැහැරගෙන ගොස් දූෂණය කර මරා දමා තිබිණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all