Photobucket

Tuesday, January 8, 2013

තස්මේනියාවේ ලැව්ගින්නෙන් සිය ගණනක් අතුරුදන්

ඔස්ට්‍රේලියාවේ දකුණු දූපතක් වන තස්මේනියාවේ හටගත් ලැව්ගින්නෙන් පසු විශාල පිරිසක් අතුරුදන්ව සිටින බව පැවසී ඇතත් මේ දක්වාම ඉන් ජීවිතක්ෂයට පත් අයකු ගැන වාර්තා වී නැතැයි පොලීසිය පවසයි. 

 අධික උෂ්ණත්වය මැද හටගත් ගින්න වේගවත් සුළං නිසා වහා පැතිරී ඇති අතර ඉන් නිවාස 100 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇත. ගින්නෙන් වූ විනාශය නැරඹීමට ඔස්ට්‍රේලියානු අගමැතිනි ජුලියා ගිලාඩ් තස්මේනියාවේ සංචාරයක නිරතව තිබිණ.

ඊයේ උදේ වන විට ගින්න තදින්ම පැවැති ප්‍රදේශවල නේවාසික ස්ථාන 245ක් පරීක්ෂණයට ලක් කළ බව පවසන පොලීසිය ඒවායින් ගොඩනැගිලි 90ක් පමණ හානියට පත්ව හෝ විනාශයට පත්ව ඇතැයි කීවේය. එහෙත් සිදුකළ පරීක්ෂණවලදී කිසිවකු මරණයට පත්ව ඇති බව වාර්තා වී නැති බව ද ඔහු කීවේය. 

කෙසේවෙතත් ගින්නෙන් පසු 500ක් පමණ අතරුදන්ව ඇති බව හා ඉන් 100ක පමණ කෙරේ විශේෂ අවධානය යොමා ඇති බව පැවැසේ. ඉන් අදහස් වන්නේ ඔවුන් කෙරේ ප්‍රමඛතාව ලබා දීම මිස ඔවුන් බරපතළ තත්ත්වයේ පසුවන බව නොවේ යැයි පොලීසිය පවසා ඇත. 

තවද සියලුම පරීක්ෂණ නිම වන තුරු මිය ගිය අය සිටී ද යන්න තහවුරු කළ නොහැකි බව ද ඔවුන් පවසා තිබේ.

තවත් ප්‍රාන්ත කීපයක පවත්නා දැඩි උෂ්ණත්වය මැද ගිනි ගැනීම් කීපයක් වාර්තා වී ඇති නිසා දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස අගමැතිනිය ජනතාවට අවවාද කර තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all