Photobucket

Monday, December 10, 2012

ගංජා විකුණද්දී කොටු වූ කාන්තාව රක්‍ෂිතභාරයට

ගංජා මිලි ග්‍රෑම් 5000 ක්‌ මුදලට අලෙවි කරමින් සිටියදී උතුරු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කළුතර වැඩ බලන මහෙස්‌ත්‍රාත් සිරිපෙරේරා මහතා වෙත ඉදිරිපත් කළ කාන්තාවක්‌ (11 දා) දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

උතුරු කළුතර පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක අජිත් කුමාර පිටිගල මහතාගේ උපදෙස්‌ පිට කොස්‌තාපල් (55216) රොෂාන් මහතා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙයවිය.

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ  
දිවයින ඇසුරින් පලකරන ලදී. 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all