Photobucket

Monday, December 10, 2012

නෙල්සන් මැන්ඩෙලා ලෙඩ වෙයි

දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලා රෝගාතුරවී රෝහල්ගත කරන ලද බව වාර්තා වේ. දකුණු අප්‍රිකාව වර්ණභේදවාදී අදහස් ඇති සුදු පාලකයන් ගෙන් නිදහස් කර ගැනීම සඳහා සුවිසල් අරගලයක් මෙහෙයවූ මැන්ඩෙලා 94 හැවිරිදි වන අතර ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ වාර්තාවී නැත. 

වෛද්‍ය පරීක්ෂණ සඳහා ඔහු රෝහල් ගත කර ඇති බව මැන්ඩෙලා සමඟ එකට සිරබත් කෑ සගයකු වන දකුªණු අප්‍රිකා ජනාධිපති පේකොබ් සුමාගේ ප්‍රකාශක ටැක් මහරාජ පැවැසූ අතර වෛද්‍ය වාර්තා නිකුත් වීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රකාශයක් කරන බවද පැවැසීය. ඉතා වියපත් තත්ත්වයේ පසුවන හිටපු ජනාධිපති මැන්ඩෙලා මේ වසර තුළ රෝහල් ගත කැරුණු දෙවැනි අවස්ථාවද මෙය වේ.

දකුණු අප්‍රිකාවේ වසර 2010 පැවැති දකුණු අප්‍රිකා ලෝක පාපන්දු තරගයෙන් පසු මැන්ඩෙලා ප්‍රසිද්ධියේ පෙනී සිට නැත. දේශපාලනයට සමුදී සිටින මැන්ඩෙලා නැෙඟනහිර කේජ ප්‍රදේශයේ ඔහු කුඩා කල ජීවත් වූ කැහු ගමේ නිවෙසට වී විශ්‍රාම සුව විඳිමින් සිටින අතර තුර රෝගී වීම නිසා ප්‍රිටෝරියා අගනුවර රෝහලකට ඇතුළත් කර ඇත.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all