Photobucket

Monday, December 10, 2012

පොලිස් නිලධාරියාට පොලුපහර, රියදුරාට වෙඩි පහර

රාත්‍රී මුරසේවයේ යෙදෙමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකුගෙන් ක් අයෙකුට පොලු පහරක් දී අනික් නිලධාරියාට උල් පිහියකින් ඇනීමට තැත්කළ අවස්ථාවේදී තබන ලද පොලිස් වෙඩි පහරකින් තුවාල ලත් අයෙකු ගිරාදුරුකෝට්ටේ රෝහලට ඇතුලත් කොට ඉන්පසු මහියංගන මූලික රෝහලට ඇතුලත් කෙරිණි. ඊයේ (09) රාත්‍රී 12.20 ට පමණ ගිරාදුරුකොට්ටේ නගරයේ වෙළඳ සැලක් අසලදී මෙම ගැටුම සිදුවී ඇත. පොලු පහර කෑ කොස්තාපල්වරයාද ගිරාදුරුකෝට්ටේ රෝහලට ඇතුළත් කර තිබේ.  

 රාත්‍රී 12.20 ට පමණ නගරය හරහා යතුරු පැදියක් ධාවනය කෙරෙමින් පැවති අතර එහි රියදුරු හිස් ආවරණයක් නොමැතිව රිය පදවා තිබේ. අදාල නිලධාරින් යතුරු පැදිය නවත්වන ලෙසට සංඥා කල නමුත් ඊට අවනත නොවූ රියදුරා ඉදිරියට පදවාගෙන ගිය බැවින් ඔහු පසුපස එලවා යාමේදී සැකකරු අල්ලාගෙන ඇත්තේ නගරයේ වෙළඳ සැලක් අසලදීය. මෙම යතුරු පැදිය ලියා පදිංචි කර තිබෙන්නේද බස්නාහිර පළාතේය. පද්ගලයාගෙන් තොරතුරු විමසීමේදී තමා මෙම වෙළඳ සැලේ හිමි කරු බව පැවසූවද ඒ අසළ සිටි කඩයේ මරකරු ප්‍රකාශ කළේ මොහුව තමා නොහඳුනන බවයි. 

ඒ අනුව වැඩි දුර තොරතුරු විමසීමේදී අසල තිබූ පොලු කෑල්ලක් අතට ගත් මෙම පුද්ගලයා එක් නිලධාරියෙකුට ඉන් තද බල පහරක් එල්ල කොට ඉනෙහි සඟවාගෙන තිබූ උල් පිහියක් අමෝරා ගෙන අනික් නිලධාරියා වෙත කඩා පැනීමේදී තබන ලද පොලිස් වෙඩිපහරකින් මොහු මෙල්ල කොට තිබේ. දණින් පහළට වෙඩි පහර එල්ල කර ඇති අතර මෙම පුද්ගලයාව ප්‍රතිකාර සඳහා ගිරාදුරුකෝට්ටේ රෝහලටත් ඉන් පසුව මහියංගන රෝහලටත් යවා ඇත. ගිරාදුරුකෝට්ටේ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරමින් පවතී. 
 
ගුණරත්න - ගිරාදුරුකෝට්ටේ
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all