Photobucket

Monday, December 10, 2012

ප්‍රාදේශීය මාධ්‍යවේදියාට එජනිස මන්ත්‍රී ඇතුළු පිරිසක්‌ පහර දෙති

ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වන මනම්පිටියේ නිමල් ජයරත්න මහතාට පෙරවරුවේ උතුරු මැද පළාත් සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරයකු වන ජයන්ත මාරසිංහ මහතා ඇතුළු පිරිසක්‌ පහරදුන් බවට පොළොන්නරුව පොලිසියට පැමිණිලිකොට ඇත.

මෙම පහරදීම හේතුවෙන් තුවාල ලැබූ නිමල් ජයරත්න මහතා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

මාධ්‍ය කටයුත්තක්‌ සඳහා මනම්පිටිය ප්‍රදේශයට ගොස්‌ සිටියදී පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස තමන්ට පහරදී මැර තර්ජන එල්ල කොට තම කැමරා ආම්පන්න ආදියටද හානි සිදුකළ බවට නිමල් ජයරත්න මහතා විසින් පොළොන්නරුව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය පරීක්‍ෂණ ආරම්භකොට ඇතැයි මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක දුමිඳු සේනානායක මහතා "දිවයින" ට පැවැසීය.

කරුණාරත්න ගමගේ
දිවයින ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all