Photobucket

Monday, December 10, 2012

මාළු පාන් ඇතුළේ ගංජා: උසාවියට ගෙන යද්දී මාට්ටු

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියේ සිටි සැකකරුවන්ට මාළු පාන් ගෙඩි තුනක ගංජා පැකට් තුනක් සඟවාගෙන ගෙනයමින් සිටි අයකු මීගමුව පොලිසිය විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී අත්අඩංගුවට ගෙන ඇත.

මේ තැනැත්තා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය තුළට ගංජා තැන්පත් කළ මාළු පාන් ගෙඩි 3ක් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන ගේට්ටුවෙන් ගෙන යාමට තැත් කර තිබිණි. සැකකරු ප්‍රධාන ගේට්ටුවෙන් මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන යෑමට තැත් කළ මාළු පාන් ගෙඩි තුන ඇතුළත පොලිස් නිලධාරීන් පරීක්‍ෂා කරන විට එක මාළු පාන් ගෙඩියක ග්‍රෑම් දෙක බැගින් මාළු පාන් ගෙඩි තුන ඇතුළේ ගංජා ග්‍රෑම් 6ක් තිබී ඇත.

මීගමුව පොලිසිය විසින් සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මීගමුව පොලිසියේ පොලිස් සැරයන් 46098 යූ. කේ. රත්නසිරි, පොලිස් කොස්තාපල් 6259 රුවන් ගමගේ, සිවිල් ආරක්‍ෂක 69456 සිල්වා, සිවිල් ආරක්‍ෂිකා 3262 චන්ද්‍රිකා යන නිලධාරි කණ්ඩායම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all