Photobucket

Monday, December 31, 2012

අතුරුදන් පුද්ගලයාගේ සිරුර බෝක්කුවකින් මතුවේ

(29) සිට අතුරුදන් වී සිටි මොරොන්තුඩුව,කුඩා ගෝනදූවේ පදිංවි සමරකෝන් (44) නැමැති එක්දරු පියාගේ මළ සිරුර  (31) පෙරවරුවේ ජලය පිරී තිබූ බෝක්කුවකින් මතු වී ඇත. ඒ, බණ්ඩාරගම, කළුතර මාර්ගයේ අඹගස්විට, ඇල්කඩට හැරෙන මංසන්ධියේ පිහිටි බොක්කුවෙනි. 

මෙහි ජලය අඩි 25ක් පමණ පිරී ඇතැයි පොලිසිය කියයි. මියගිය පුද්ගලයා පැද ගෙන පැමිණි බවට සැක කරන පාපැදියක්ද වතුරේ වළේ තිබෙන බව පැවසේ. මේසන් අත්වැඩකරුවෙකු යැයි කියන මෙම පුද්ගලයා රුකියාව කොට ආපසු පැමිණෙමින් සිටියදී අතුරුදන් වී ඇත. මොරොන්තුඩුව පොලිසියේ ස්ථානාධිපති උප පො.ප. කේ.සී.පී.ලියනාරච්චි මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all