Photobucket

Monday, December 31, 2012

අගවිනිසුරුවරියගේ "බන්ධන පිළිබඳ ගැටුම"

බන්ධන පිළිබඳ ගැටුමට අදාළව ජාත්‍යන්තර මට්‌ටමින් ඇති ප්‍රසිද්ධම නඩුව වන්නේ 1998 දී එකල බ්‍රිතාන්‍යයේ ඉහළම උසාවිය වූ සාමි මන්ත්‍රී මණ්‌ඩලය ඉදිරියේ චිලියේ හිටපු ඒකාධිපති ජෙනරාල් පිනෝෂේ ගොනු කළ නඩුවයි. 1998 දී ලන්ඩන්හි වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී චිලියේ හිටපු ඒකාධිපති පිනෝෂේ, ස්‌පාඤ්ඤයේ උසාවියක්‌ විසින් නිකුත් කරන ලද ජාත්‍යන්තර වරෙන්තුවක්‌ මත බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් හිරභාරයට ගන්නා ලදී. ඒ අවස්‌ථාවේදී පිනොෂේ බ්‍රිතාන්‍ය උසාවියකට අභියාචනයක්‌ ඉදිරිපත් කරමින් කියා සිටියේ එම වරෙන්තුව බල රහිත කරන ලෙසය. ඒ අතරතුර පිනෝෂේට එරෙහිව ක්‍රියාකිරීමට පෙර එම උසාවිය හිටපු රාජ්‍ය නායකයන්ට බ්‍රිතාන්‍ය තුළ ඇති ආරක්‍ෂාවන් මොනවාද යන්න ගැන නිර්වචනයක්‌ ඉල්ලමින් බ්‍රිතාන්‍යයේ ඉහළම උසාවිය වන සාමි මන්ත්‍රී මණ්‌ඩලයට ඉල්ලීමක්‌ ඉදිරිපත් කරන ලදී.

දොaෂාභියෝග ක්‍රියාදාමය දැන් අවසන් අදියරට සමීපවත්ම අපට පෙනී යන්නේ මේ රටේ මුල් වරට අගවිනිසුරු තනතුරේ සිටින අයෙක්‌ ඉවත් කිරීමට යන්නේ මේ රටේ එතරම් සාකච්ඡාවට බඳුන් නොවූ "කොන්µsලික්‌ට්‌ ඔµa ඉන්ටරස්‌ට්‌" හෙවත් බන්ධන පිළිබඳ ගැටුම නිසා බවයි. අගවිනිසුරුවරියට එරෙහිව ඔප්පු වී ඇති චෝදනා තුනෙන් දෙකක්‌ම අයත් වන්නේ මේ බන්ධන පිළිබඳ ගැටුමටය. දොaෂාභියෝගයේ පළමුවැනි චෝදනාව වන්නේ අගවිනිසුරුවරිය ඇටර්නි බලපත්‍රයක්‌ යටතේ ඇයගේ සොහොයුරියගේ හා මස්‌සිනාගේ නමින් ටි්‍රලියම් නිවාස සංකීර්ණයේ නිවසක්‌ මිලදී ගෙන ඉන්පසු එම නිවාස සංකීර්ණයට අදාළ නඩුවක්‌ වෙනස්‌ විනිසුරු මණ්‌ඩලයකින් ඇය වෙත පවරාගෙන එම නඩුව ඇසීම යන චෝදනාවයි.

ඇයට එරෙහිව ඔප්පු වී ඇති තවත් චෝදනාවක්‌ වන්නේ ඇයගේ ස්‌වාමි පුරුෂයා වන ප්‍රදීප් කාරියවසම් මහතා මහෙස්‌ත්‍රාත් උසාවියක චූදිතයකුව සිටියදී ඇය දිගටම අගවිනිසුරු තනතුරේත්, අධිකරණ සේවා කොමිසමේ සභාපති තනතුරේත් සිටීමයි. අධිකරණ සේවා කොමිසමට අගවිනිසුරුවරියගේ සැමියාගේ නඩුව අසන මහෙස්‌ත්‍රාත් අධිකරණයේ සියලුම ලියවිලි ගෙන්වා පරීක්‍ෂා කළ හැකි අතර මහෙස්‌ත්‍රාත්වරයාගේ උසස්‌ වීම්, ස්‌ථාන මාරුවීම්, විනය පාලනය හා සේවයෙන් ඉවත් කිරීමේ බලතළ ඇත්තේද අධිකරණ සේවා කොමිසමටය. මෙවැනි අවස්‌ථා ප්‍රශ්න සහගත බව නීතිය නොදන්නා සාමාන්‍ය පුද්ගලයකුට වුවත් වැටහේ. නමුත් මෙවැනි බන්ධන පිළිබඳ ගැටුම්වලට අදාළ නීතිමය පූර්වාදර්ශ ලංකාවේ නැති තරම්ය. මේ රට තුළ "කොන්µsලික්‌ට්‌ ඔµa ඉන්ටරස්‌ට්‌" නමැති මූලධර්මය සාකච්ඡා වන මුල් අවස්‌ථාව මෙය විය හැක.

මේ විවාදය ලංකාවට අලුත් දෙයක්‌ වුවද, ජාත්‍යන්තරව නම් බන්ධන පිළිබඳ ගැටුම් සම්බන්ධ මූලධර්ම ඉතා හොඳින් ස්‌ථාපිත වී ඇත. ලෝකයේ ආර්ථික වශයෙන් බලවත් රටවල් සියල්ල නියෝජනය කරන "ආර්ථික සහයෝගිතාවය හා සංවර්ධනය සඳහා සංවිධානය (ඕ.ඊ.සී.ඩී. සංවිධානය) බන්ධන පිළිබඳ ගැටුම නිර්වචනය කරන්නේ පහත දැක්‌වෙන ආකාරයටය.

1. බන්ධන පිළිබඳ ගැටුමක්‌ ඇතිවන්නේ රජයේ නිලධාරියකුගේ නිල රාජකාරියත්, පුද්ගලික වුවමනාත් ගැටෙන විටය. මෙයින් පුද්ගලික වුවමනා නිසා නිල රාජකාරිය විකෘති විය හැක.

2. බන්ධන පිළිබඳ ගැටුමක්‌ පවතින්නේ අදාළ නිලධාරියා තම පුද්ගලික වුවමනා මත නිල රාජකාරි විකෘති කිරීමක්‌ කිරීම තුළින් පමණක්‌ නොවේ. අදාළ නිලධාරියා එවැනි විකෘති කිරීමක්‌ කිරීමට "ඉඩ තිබේය" යන්නත්, බන්ධන පිළිබඳ ගැටුමක්‌ තිබෙනවා යෑයි අනුමාන කිරීමට ප්‍රමාණවත්ය.

3. අදාළ රජයේ නිලධාරියා තම රාජකාරි කිසිවක්‌ විකෘති නොකර ඇති තත්ත්වයක වුවත් ඔහුගේ පුද්ගලික බැඳීම් නිසා රාජකාරිය විකෘති වීමට ඉඩ ඇතැයි වෙනත් පුද්ගලයන් තුළ යම් සැකයක්‌ හෝ ඇතිවන්නේ නම් එතැන බන්ධන පිළිබඳ ගැටුමක්‌ ඇත. රජයේ නිලධාරියාගේ අපක්‍ෂපාතී බව ගැන අනුන් තුළ සැකයක්‌ ඇතිවීම වැළැක්‌විය යුතුය.

4. වර්තමානයේ කිසිදු බන්ධන පිළිබඳ ගැටුමක්‌ නැතත් අදාළ නිලධාරියාගේ පුද්ගලික සම්බන්ධකම් නිසා අනාගතය යම් දිනක එවැනි ගැටුමක්‌ ඇතිවීමට ඉඩ තිබේ නම් එතැනදීද බන්ධන පිළිබඳ ගැටුමක්‌ ඇත.

බන්ධන පිළිබඳ ගැටුමට අදාළව ජාත්‍යන්තර මට්‌ටමින් ඇති ප්‍රසිද්ධම නඩුව වන්නේ 1998 දී එකල බ්‍රිතාන්‍යයේ ඉහළම උසාවිය වූ සාමි මන්ත්‍රී මණ්‌ඩලය ඉදිරියේ චිලියේ හිටපු ඒකාධිපති ජෙනරාල් පිනෝෂේ ගොනු කළ නඩුවයි. 1998 දී ලන්ඩන්හි වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී චිලියේ හිටපු ඒකාධිපති පිනෝෂේ, ස්‌පාඤ්ඤයේ උසාවියක්‌ විසින් නිකුත් කරන ලද ජාත්‍යන්තර වරෙන්තුවක්‌ මත බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් හිරභාරයට ගන්නා ලදී. ඒ අවස්‌ථාවේදී පිනොෂේ බ්‍රිතාන්‍ය උසාවියකට අභියාචනයක්‌ ඉදිරිපත් කරමින් කියා සිටියේ එම වරෙන්තුව බල රහිත කරන ලෙසය. ඒ අතරතුර පිනෝෂේට එරෙහිව ක්‍රියාකිරීමට පෙර එම උසාවිය හිටපු රාජ්‍ය නායකයන්ට බ්‍රිතාන්‍ය තුළ ඇති ආරක්‍ෂාවන් මොනවාද යන්න ගැන නිර්වචනයක්‌ ඉල්ලමින් බ්‍රිතාන්‍යයේ ඉහළම උසාවිය වන සාමි මන්ත්‍රී මණ්‌ඩලයට ඉල්ලීමක්‌ ඉදිරිපත් කරන ලදී.

සාමි මන්ත්‍රී මණ්‌ඩලයේ එම නඩුවට ජාත්‍යන්තර මානව අයිතීන් ආයතනයක්‌ වන ඇමිනෙස්‌ටි ඉන්ටර්නැෂනල් ආයතනයද පාර්ශ්වකරුවකු හැටියට එක්‌වීය. මෙහිදී ඇමිනෙස්‌ටි ඉන්ටර්නැෂනල් ආයතනයේ ස්‌ථාවරය වූයේ මානව අයිතීන් උල්ලංඝනය කිරීම මත පිනෝෂේ හිරභාරයට ගත යුතු බවයි. ඔවුන් එම නඩුවේදී ලිතව කරුණු ඉදිරිපත් කළා පමණක්‌ නොව ඔවුන්ගේ ස්‌ථාවරය කීමට නීතිඥවරුන් හතර දෙනකුම යොදවා තිබුණි. ඒ අවස්‌ථාවේදී සාමි මන්ත්‍රී මණ්‌ඩලය තීන්දු කළේ පිනෝෂේගේ හිරභාරයට ගැනීම නීතියට අනුකූල බවයි.

මේ නඩු තීන්දුවෙන් පසු ලැබුණු තොරතුරු මත පිනෝෂේ නැවත වතාවක්‌ සාමි මන්ත්‍රී මණ්‌ඩලය ඉදිරියේ පෙත්සමක්‌ ගොනු කරමින් කියා සිටියේ ඔහුට එරෙහිව තීන්දුවක්‌ දුන් කලින් විනිසුරු මණ්‌ඩලයේ සිටි එක්‌ විනිසුරුවරයකුගේ බිරිඳ ඔහුව හිරභාරයට ගැනීම වෙනුවෙන් පෙනී සිටි ඇමිනෙස්‌ටි ඉන්ටර්නැෂනල්" ආයතනයේ සේවිකාවක්‌ බවයි. මේ ගැන ප්‍රශ්න කර සිටි විට ඇමිනෙස්‌ටි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් එය පිළිගෙන අදාළ විනිසුරුවරයාගේ බිරිඳ ඔවුන්ගේ ආයතනයේ දශකයකට වඩා වැඩි කලක්‌ සේවය කොට ඇති බව කියා සිටියේය. ඔවුන් එයත් සමගම කීවේ අදාළ සේවිකාව පරිපාලන නිලධාරිණියක්‌ පමණක්‌ වන බවත් ඇය පිනෝෂේගේ නඩුව සම්බන්ධ කිසිදු කටයුත්තකට සහභාගි නොවුණු බවයි.

මේ බන්ධන පිළිබඳ ගැටුම සාකච්ඡා වෙමින් පවතින අතරතුර හෙළිවූ තවත් කරුණක්‌ වූයේ අදාළ නඩුවේ විනිසුරුගේ බිරිඳ පමණක්‌ නොව එම විනිසුරුවරයාද ඇමිනෙස්‌ටි ඉන්ටර්නැෂනල් ආයතනයේ අනුබද්ධ ආයතනයක සභාපතිත්වය දරන බවයි. මේ ගැන ප්‍රශ්න කළ විට ඇමිනෙස්‌ටි ඉන්ටර්නැෂනල් ආයතනය එයද පිළිගත්තේය. ඔවුන් කියා සිටියේ අදාළ විනිසුරුවරයා තම මවු සංවිධානයේ සාමාජිකයකු නොවන බවත් නමුත් ඔවුන්ගේ අනුබද්ධ ආයතනයක සභාපතිත්වය දරන බවයි. එයත් සමගම ඔවුන් කියා සිටියේ පිනෝෂේ නඩුව සම්බන්ධයෙන් ඔවුන් අදාළ විනිසුරුවරයා සමග කිසිවක්‌ කතා කොට නැති බවයි.

ඒ අනුව මෙතැනදී සිදුවී ඇත්තේ පිනෝෂේ ගේ නඩුවට බාහිර පාර්ශ්වකරුවකු හැටියට එක්‌වී පිනෝෂේට එරෙහිව කරුණු දැක්‌වූ ඇමිනෙස්‌ටි ඉන්ටර්නැෂනල් ආයතනයේ අනුබද්ධ ආයතනයක සභාපතිවරයකු විනිසුරු මඬුල්ලේ අසුන්ගෙන සිටීමයි. එපමණක්‌ද නොව එම විනිසුරුවරයාගේ බිරිඳ එම පාර්ශ්වකරුවාගේ සේවිකාවක්‌ද විය. මේ බන්ධන පිළිබඳ ගැටුම නිසා සිදුවූයේ කලින් සාමි මන්ත්‍රී මණ්‌ඩලයේ විනිසුරු මඬුල්ල දුන් තීන්දුව බල රහිත කර පිනෝෂේ මුදවා හැරීමයි.

මෙතැනදී වඩාත්ම සැලකිල්ලට ගත යුතු කාරණයක්‌ වන්නේ ඉහත කී විනිසුරුවරයා ඇමිනෙස්‌ටි ඉන්ටර්නැෂනල් ආයතනයට දෙආකාරයකින් සම්බන්ධ වී සිටියත් එයින් ඔහු නඩු තීන්දුවේදී පක්‍ෂග්‍රාහීව කටයුතු කර ඇති බවටත්, ඇමිනෙස්‌ටි ඉන්ටර්නැෂනල් ආයතනයට වාසි වන ආකාරයට නඩුව විකෘති කර ඇති බවටවත් කිසිදු චෝදනාවක්‌ නොතිබීමයි. අඩුම වශයෙන් පිනෝෂේවත් එම විනිසුරුවරයාට එවැනි චෝදනාවක්‌ කළේ නැත. මෙහිදී තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සාමි මන්ත්‍රී මණ්‌ඩලය කියා සිටියේ අදාළ විනිසුරුවරයා නඩුවේ පාර්ශ්වකරුවකු සමග ඇති සම්බන්ධය නිසා කිසිදු අයථා ක්‍රිsයාවක්‌ නොකර තිබුණත්, එවැනි සම්බන්ධයක්‌ කිරීම හේතුවෙන් පමණක්‌ ඔහුගේ සහභාගිත්වයෙන් දුන් තීන්දුව බල රහිත වන බවයි. එවැනි තීන්දුවක්‌ ඔවුන් දුන්නේ බ්‍රිතාන්‍ය අධිකරණ ක්‍රමයේ අපක්‍ෂපාතීත්වය ගැන මහජනතාව තුළ සැකයක්‌ ඇති නොවන තැනට වගබලාගැනීම සඳහාය.

බන්ධන පිළිබඳ ගැටුම් පිළිබඳ නඩු තීන්දු වෙනත් ජාත්‍යන්තර අධිකරණවලද විභාග වී ඇත. එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ අනුදැනුම යටතේ පත්කොට ඇති යුගෝස්‌ලාවියාව සම්බන්ධ යුද අපරාධ පිළිබඳ අධිකරණයේද මෙවැනි නඩුවක්‌ විභාග විය. එහිදී එම යුද අපරාධ අධිකරණය ඉදිරියට ගෙන එනු ලැබූ එක පුද්ගලයකුට වෙනත් චෝදනා අතර ගැහැනුන් බලහත්කාරයෙන් ලිංගික අපයෝජනයට ලක්‌කිරීමේ චෝදනාවක්‌ද විය. මොහුට එරෙහිව තීන්දු වූ නඩුවකට එරෙහිව ඇපෑලක්‌ ඉදිරිපත් කරමින් චූදිතයා ප්‍රකාශ කර සිටියේ ඔහුට එරෙහිව තීන්දුව දුන් විනිසුරු මඬුල්ලේ එක්‌ සාමාජිකයෙක්‌ ඊට කලින් කාන්තා අයිතීන් පිළිබඳ කොමිසමක සේවය කළ නිසා ඔහුට සාධාරණ නඩු විභාගයක්‌ නොලැබුණ බවයි. මෙකී නඩුවේදී තීන්දු වූයේ විනිසුරුවරයකු පක්‍ෂග්‍රාහී නොවිය යුතුවා සේම අදාළ විනිසුරුවරයා සම්බන්ධ වටපිටාවේ නැතිනම් යටගියාවේ හෝ ඔහුගේ අපක්‍ෂපාතී නිරීක්‍ෂකයකුට බැලූ බැල්මට අදාළ විනිසුරුවරයා පිළිබඳ සැකයක්‌ ඇතිවන්නේ නම් එතැන බන්ධන පිළිබඳ ගැටුමට අදාළ ප්‍රශ්නයක්‌ ඇති බවයි.

අන්තර් ඇමරිකානු මානව අයිතීන් පිළිබඳ උසාවිය ඉදිරියේ විභාග වු එක නඩුවකදී තීන්දු වූයේ විනිසුරුවරුන්ගේ අපක්‍ෂපාතීත්වය තහවුරු කරගැනීමට නම් ඔවුන්ට ඔවුන් ඉදිරියේ විභාග වෙමින් පවතින කරුණක්‌ සම්බන්ධයෙන් පූර්ව උපකල්පන නොතිබිය යුතු බවයි. එයින් අදහස්‌ වූයේ නඩුව අසන විනිසුරුවරයාට අදාළ කාරණය ගැන කලින් සිටම ඇතිකරගෙන සිටින අදහස්‌ ඇති බවක්‌ කිසිවකුට දැනෙන්නට නොතිබිය යුතු බවයි. යම් විනිසුරුවරයෙක්‌ අසන නඩුවක අන්තර්ගතය ගැන එම විනිසුරුවරයා දරන මතය කුමක්‌දැයි කවුරුත් දන්නේ නම් එවැනි උසාවියක අපක්‍ෂපාතී බව ගැන ජනතා විශ්වාසයක්‌ ඇතිවන්නේ නැත. අගවිනිසුරුවරියට මේ සම්බන්ධයෙන්ද චෝදනාවක්‌ ඇත. ඇයට එරෙහිව ඇති චෝදනා අතුරෙන් විභාග වූයේ කිsහිපයක්‌ පමණි. දොaෂාභියෝගයේ ඇති 9 වැනි චෝදනාවද බන්ධන පිළිබඳ ගැටුමට අදාළ චෝදනාවකි. එයින් කියවුණේ 1997 දී ඇය මුල්වරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු හැටියට පත්වන විට ඇයගේ පත්වීමට එරෙහිව නීතිඥවරුන් පිරිසක්‌ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකරන ලද නඩුවක (ඊ. එµa. ඩබ්ලිව්. සිල්වා එරෙහිව ශිරාණි බණ්‌ඩාරනායක) තීන්දුවට එරෙහිව ඇය කටයුතු කර ඇති බවයි. අගවිනිසුරුවරිය මෙම දොaශාභියෝග චෝදනාවලට එරෙහිව ගොනුකරන ලද පිළිතුරු පත්‍රයේ 9 වැනි චෝදනාවට ඇය පැවසුවේ එම නඩු තීන්දුව උල්ලංඝනය කළේ කෙසේ දැයි දොaෂාභියෝගයේ සඳහන් නොවන නිසා එයට පිළිතුරු දිය නොහැකි බවයි.

නමුත් යථාර්ථය වන්නේ මේ ලිපියේ මුල් පරිච්ඡේදවල සඳහන් වූ චෝදනාවලට මෙන්ම 9 වැනි චෝදනාවටද කටඋත්තර නැති බවයි. සිල්වාට එරෙහිව ශිරාණි බණ්‌ඩාරනායක යන 1997 නඩුවේ තීන්දු වූයේ කුමක්‌දැයි ඇය හොඳින් දනී. ඇය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වීමට සුදුසු නැතැයි කියමින් එම නඩුවේ ඉදිරිපත් වූ කාරණය වූයේ ඇය බලය බෙදීම සම්බන්ධයෙන් දරන මතයන් නිසා ශේ්‍රෂ්ඨාධිකරණය දේශපාලනීකරණයක්‌ සිදු විය හැකි බවය. මෙහිදී එම නඩුව ඇසූ සත් පුද්ගල විනිසුරු මඬුල්ලේ විනිසුරුවරුන් හතර දෙනකු තීන්දු කළේ ඇය මේ සම්බන්ධයෙන් දරන මත ඇයගේ තනතුර අහිමි කිරීමට තරම් හේතුවක්‌ නොවූවත් එවැනි අදහස්‌ දැරීම හේතුවෙන් ඇය "ඇතැම් නඩු" (එනම් බලතල බෙදීමට අදාළ නඩු) ඇසීමට නුසුදුසු විය හැකි බවයි. මේ නඩු තීන්දුව තිබියදීත් ඇය දිගටම බලතල බෙදීමට අදාළ නඩු වලට පෙනී සිටියේය. මෙවැනි දෙයකට මෑතක සිදුවූ උදාහරණ වන්නේ ඇය දිවිනැගුම පනත් කෙටුම්පත සම්බන්ධ නඩුව ඇසීමයි. අගවිනිසුරුවරිය බන්ධන පිළිබඳ ගැටුමට හැම පැත්තෙන්ම ලක්‌වී සිටී.

මෙහිදී ප්‍රශ්නයකට ඇත්තේ මේ බන්ධන පිළිබඳ ගැටුම් සියල්ලම තිබියදී ඒවා කිසිවක්‌ තුට්‌ටුවකට ගණන් නොගෙන ඇය කටයුතු කරගෙන යැමයි. විනිසුරුවරයෙක්‌ සාමාන්‍යයෙන් මෙවැනි දේ ගැන සංවේදී විය යුතුය. මා ඉකුත් සතියේ ලක්‌හඬ ගුවන්විදුලියේ වැඩසටහනකට සහභාගි වී සිsටි අතර පෙරේරා නමැති මහත්මයෙක්‌ දුරකථනයෙන් ගුවන් විදුලි මැදිරියට කතා කළේය. බන්ධන පිළිබඳ ගැටුම් ගැන ඔහුට පුද්ගලිකව නඩු අත්දැකීම් විස්‌තර කරමින් ඔහු කීවේ ඔහු අවස්‌ථා කිහිපයක ජූරි සභාවල සේවය කර ඇති බවත්, ඔහුව ජූරි සේවයට කැඳවූ එක්‌ අවස්‌ථාවක්‌ වූයේ මිනීමැරුම් නඩුවකටය. නමුත් එම මිනීමැරුම ඔහු පදිංචි වූ ස්‌ථානයෙන් කිලෝමීටර් 10 වැනි දුරකින් සිදුවී තිබුණු සිද්ධියක්‌ නිසා ඔහුව ඒ අවස්‌ථාවේදී ජූරියෙන් ඉවත් කොට තිබේ. ඒ සිද්ධියට සමීප ස්‌ථානයක සිටීම නිසා ඔහුට ඒ ගැන ඇති පූර්ව නිගමන හෝ විශේෂ දැනුමකින් තීන්දුව විකෘති වීමට ඉඩ ඇතැයි යන බිය නිසාය. මෙවැනි තවත් අවස්‌ථාවක්‌ විස්‌තර කරමින් ඔහු කීවේ වරක්‌ විනිසුරුවරයකු නඩුවකින් ඉවත් වෙමින් පවසා සිට ඇත්තේ තමා අදාළ චූදිතයාට ඊට කලින් අවස්‌ථාවකදී අච්චු කොට තිබෙන නිසා ඔහු මේ නඩුව පූර්ව නිගමන සහිතව ඇසීමට ඉඩ තිබෙන නිසා යුක්‌තිය උදෙසා ඔහු නඩුවෙන් ඉවත් වන බවයි. මෙවැනි දේ ගැන සංවේදී වීම හොඳ විනිසුරුවරයකුගේ ලක්‍ෂණයකි. නමුත් දැන් අධිකරණයේ ඉහළම තැන්වලින් වුවත් බන්ධන පිළිබඳ ගැටුම ගැන කිසිදු තැකීමක්‌ කරන්නේ නැත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all