Photobucket

Monday, December 31, 2012

ක්‍රිකට්‌ තේරීම් කමිටුවෛන් අරුම පුදුම තේරීමක්‌

ලබන ජනවාරි 03 වැනිදා සිඩ්නි ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තෙවැනි සහ අවසන් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය සඳහා ළහිරු තිරිමාන්න සහ සුරංග ලක්‌මාල්ව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඉනිමකින් සහ ලකුණු 201 කින් ශ්‍රී ලංකාව පරාජයට පත්වූ බොක්‌සිං දින ටෙස්‌ට්‌ තරගය අතරතුරදී ආබාධ වලට මුහුණ පෑ කුමාර් සංගක්‌කාර සහ චානක වෙලගෙදරට ආදේශ ක්‍රීඩකයන් වශයෙන් ඔවුන් දෙදෙනාව කණ්‌ඩායමට එක්‌ කිරීමට තීරණය කර තිබේ.

අතිරේක ක්‍රීඩකයන්ගේ ලැයිස්‌තුවේ ළහිරු තිරිමාන්නගේ නම සටහන්ව තිබීම මත ඔහුට පිටව යැම සඳහා අවශ්‍ය වීසා ලැබී තිබෙන නමුත් අදාළ ලැයිස්‌තුවෙන් පිට සිට කණ්‌ඩායමට එක්‌ කරන ලද සුරංග ලක්‌මාල්ට තවමත් වීසා ලැබී නොමැති බව සඳහන් වේ.

නම් කර තිබූ අතිරේක ක්‍රීඩකයන්ගේ ලැයිස්‌තුවට තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ඇතුළත්ව සිටියද ඔහුව නම් නොකොට සංචිතයට පිටතින් සිටි සුරංග ලක්‌මාල්ව ඔස්‌ටේ්‍රලියාවට යෑවීමට තේරීම් කමිටුව තීරණය කිරීම තරමක පුදුමය දනවන්නක්‌ බවට පත්ව තිබේ.

අවසන් වරට සහභාගි වූ ටෙස්‌ට්‌ තරගාවලියේ මෙන්ම එක්‌දින තරගාවලියේදී සුවිශේෂ දස්‌කම් දැක්‌වූ ක්‍රීඩකයකු වන තිසර පෙරේරා, මේ දිනවල ඔස්‌ටේ්‍රලිsයාවේ පැවැත්වෙන බිග් බෑෂ් පන්දුවාර විස්‌සයි-20 තරගාවලියට සහභාගිවී සිටින නමුත් ඔහු වෙනුවට සුරංග ලක්‌මාල්ව නම් කරන ලද්දේ කිසිවකුගේ බලපෑමකටද දැයි මේ වන විටත් ක්‍ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාවක්‌ බවට පත්ව තිබේ.

නම් කරන ලද අතිරේක ක්‍රීඩකයන් අතර තිසර පෙරේරා, අජන්ත මෙන්ඩිස්‌, අකිල ධනංජය, ජීවන් මෙන්ඩිස්‌ සහ ළහිරු තිරිමාන්න යන ක්‍රීඩකයන් පසුවිය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all