Photobucket

Monday, December 10, 2012

මෙවර ශ්‍රීපාද සමයේ දිවාගුහාවත් වන්දනාමානයට අවස්‌ථාව

ශ්‍රීපාද පුදබිමේ ඇති බවට බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන ගෞතම බුදුන් වහන්සේ ශ්‍රීපාදස්‌ථානයට වැඩම කළ අවස්‌ථාවේ දිවා විහරණය ලැබූ බව කියන දිවා ගුහාව සොයාගැනීමට හැකි වූ බව ශ්‍රී පාදස්‌ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක හිමියෝ පවසති.

මෙම දිවා ගුහාව නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ ශ්‍රීපාද පද්මයට මීටර් 100 ක්‌ පමණ පහළින් පිහිටා ඇත. දිවා ගුහාව තුළ සෙල්ලිපියක්‌ හා නිශ්ශංක මල්ල රජුගේ ශෛලමය රුවක්‌ද ඇත.

මෙම ස්‌ථානය පරීක්‍ෂා කිරීමට පසුගියදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණි බවත්, ලෙන තුළ ඇති සෙල් ලිපියේ නිශ්ශංක මල්ල රජු ශ්‍රීපාදය කරුණාකිරීමට පැමිණි බව සඳහන්ව ඇති බවත්, මෙය දිවාගුහාව බවට සනාථ කර ඇති බවත්, සබරගමුව මහ සමන් දේවාලයේ බස්‌නායක නිලමේ සුනිල් ශාන්ත වීරසේකර මහතා පවසයි.

මෙවර ශ්‍රීපාද වන්දනා වාරයේදී බැතිමතුන්ට දිවා ගුහාව වන්දනාමාන කර ගැනීමට අවස්‌ථාව ලබා දෙන බව ශ්‍රීපාදස්‌ථානාධිපති හිමියෝ පැවසූහ.

මස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක සහ හැටන් මනුර සුදත්
දිවයින ඇසුරින් පලකරන ලදී. 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all