Photobucket

Monday, December 10, 2012

ගිනි අවි හතරක් සමඟ අත්අඩංගුවට

මීගහතැන්න, යගිරල ඉහළතැන්න ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ මෙරට නිෂ්පාදනය කළ ගිනි අවි හතරක් සමඟ සැකකරුවකු (07) මතුගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මතුගම සහකාර පොලිස් අධිකාරි සුනිල් පියරත්න මහතාට ලැබුණු තොරතුරක් අනුව මතුගම පොලිසියේ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක තිලංග සංජීව මහතා ඇතුළු පිරිස මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මීට ඉහත දී මෙවැනිම ගිනි අවි ළඟ තබා ගැනීමේ වරදට අධිකරණයෙන් දඩුවම් ලැබූ අයෙක් බව පොලිසිය අනාවරණය කරගෙන ඇත
 
සෝමරත්න පොද්දෙණිය - අඟලවත්ත
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all