Photobucket

Monday, December 10, 2012

වන්නියේ කාන්තාවන්ට 'ආරක්ෂාවක් නෑ'

යලි පදිංචි වීමෙන් අනතුරුව තමන්ට වන්නි පළාතේ කිසිදු ආරක්ෂාවක් නොමැති බව ප්‍රදේශවාසී කාන්තාවෝ පවසති.

සෙනසුරාදා කිලිනොච්චියේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ නිලධාරීන් සහ විදේශීය තානාපති නිලධාරීන් හමුවේ කරුණු දක්වමිනුයි, වන්නි පළාතේ වෙසෙන කාන්තාවන් ඒ බව කියා සිටියේ.

ස්ථිර නිවාස නොමැතිවීම, වැසිකිලි නොමැතිවීම හේතුවෙන් ඒ සඳහා කැලයට යාමට සිදුවී තිබීම සහ යුද්ධයේදී ස්වාමි පුරුෂයන් මියයාම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් තම ආරක්ෂාව පිළිබඳව බරපතල අර්බුදයක් පවතින බව එසේ කරුණු දැක්වූ එක් කාන්තාවක් බීබීසී සංදේශයට කියා සිටියාය.

උතුරු පළාතේ හමුදා භටයන් විශාල පිරිසක් රඳවා සිටීම මේ තත්ත්වය උග්‍ර කිරීමට හේතු වී ඇති බව යුද්ධයෙන් පීඩා විඳින කාන්තාවන් සම්බන්ධ සංවිධාන ගණනාවක සභාපතිනිය වන විශාඛා ධර්මදාස පවසන්නීය.

ලයන් එයාර්

"ඒ එක්කම පිටස්තර අය ඇවිල්ල ඉන්නව පාරවල් හදන්න එහෙම. මේ දෙකම නිසාම කාන්තාවන්ගේ එහා මෙහා යාමේ නිදහසට බාධා පැමිණිල තියෙනවා," විශාඛා ධර්මදාස බීබීසී සංදේශයට කියා සිටියාය.

යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම් වස් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇතුළු පියවර ගන්නා මෙන් රජයෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.

මේ අතර එල්ටීටීඊ මිසයිල ප්‍රහාරයකින් පුනරීන් මුහුදට කඩා වැටුණු බව සැක කෙරෙන ලයන් එයාර් ගුවන් යානයේ සිටි මගීන්ගේ මළ සිරුරු ගොඩ ගැනීමේ කටයුතු කිලිනොච්චියේ දිසා විනිසුරු එම් එල් වහාබ්දීන් ඉදිරියේ අද ආරම්භ කෙරිණ.

1998 සැප්තැම්බර් 29 වෙනි දින කඩා වැටුණු ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සමඟ මගීන් 55 දෙනෙක් ගමන් කළහ.

අනතුරෙන් පසුව මළ සිරුරු හමුවුනේ 31 දෙනෙකුගේ පමණක් බව මළ සිරුරු ගොඩ ගැනීමේ කාර්යය භාරව ක්‍රියාකළ පොලිස් පරීක්ෂක ජේ උවයිස් ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ඉරිදා ආරම්භ වූ මළ සිරුරු ගොඩ ගැනීමේ කාර්යයේදී කලින් හඳුනාගෙන තිබුණු වලවල් තුනෙන් කිසිදු මළ සිරුරක් හමු නොවූ බවද ඔහු පැවසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all