Photobucket

Monday, December 10, 2012

විශේෂ කාරක සභා වාර්තාව පිළිබඳ විවාදයට දින දහයක්‌

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහි දොaෂාභියෝග චෝදනා විමර්ශනයට පත්කළ විශේෂ කාරක සභාවේ වාර්තාව විවාද කිරීම සඳහා දින දහයක කාලයක්‌ ලබාදීමට තමන් කැමැති බව කතානායක චමල් රාජපක්‍ෂ මහතා  (08 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.
විශේෂ කාරක සභා වාර්තාව එම සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු එකී වාර්තාව විවාදයට ගන්නේ කවදාදැයි විපක්‍ෂ මන්ත්‍රීවරු විමසූ අවස්‌ථාවේදී කතානායකවරයා ඉහත ප්‍රකාශය කළේය.

විශේෂ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර මාසයක්‌ ගතවූ පසුව ඒ පිළිබඳ විවාදයට ගත හැකිබව කතානායකවරයා කීය.

මෙම වාර්තාව විවාද කිරීමට දින පහක්‌ පමණ අවශ්‍ය බව විපක්‍ෂයේ සංවිධායක ජෝන් අමරතුංග මහතා කී පසු කතානායකවරයා කීවේ මෙය වැදගත් කරුණක්‌ බවත් එනිසා දින දහයක්‌ වුවත් විවාද කරන්න තමන් කැමැති බවත්ය.

විවාදයට දින දහයක්‌ ලබාදීමට කථානායකතුමා කැමැති වීම අගය කරන බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

ඉන් අනතුරුව ඇමැති විමල් වීරවංශ මහතා සහ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර උණුසුම් වාග් සංග්‍රාමයක්‌ ඇතිවිය. කෙසේ නමුත් විජිත හේරත් මහතා පාර්ලිමේන්තු සභා ගර්භයේ නැගී සිට විශේෂ කාරක සභාව පිළිබඳ දැක්‌වූ අදහස්‌ වාර්තා නොවන බව කතානායකවරයා පැවැසුවේය.

මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂය විවාදයට ගත් ඊයේ දවස කලු දිනයක්‌ බව විපක්‍ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.

අජිත් අලහකෝන් - අකිත පෙරේරා
දිවයින ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all