Photobucket

Monday, December 10, 2012

ජනාධිපති කුසලාන පාපන්දු තරගාවලිය ශූරතාව මාලදිවයිනට

ජනාධිපති මහින්ද රාජපක්ෂ කුසලාන අන්තර් ජාතික අවුරුදු 23න් පහළ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ දී පාකිස්තාන පිලට එ‍රෙහිව ගෝල 2-1ක ජයක් වාර්තා කළ මාලදිවයින කණ්ඩායම ශූරතාව අත්කරගත්තේය. ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ මාලදිවයින සහභාගි වූ මේ තරගාවලියේ මාලදිවයින සහ පාකිස්තානය අතර අවසන් මහා තරගය නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවැත්විණි. එහි දී පළමු භාගය නිමාවනවිට දෙපිලම ‍ගෝල රැස් කිරීමට අසමත් වූහ. නමුත් දෙවැනි භාගයේ දී විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරත වූ මාලදිවයින ක්‍රීඩකයෝ පිට පිටම ‍ගෝල 2ක් වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. දෙවැනි භාග‍යේ අවසන් මොහොතේ දි දඬුවම් පහරක් හිමිවීමෙන් පාකිස්තානයට ගෝලයක් වාර්තා කිරීමේ අවස්ථාව හිමිවිය. මාලදිවයින පිල වෙනුවෙන් වහීඩ් රිල්වාන් සහ අබ්දුල් අසදුල්ලා ගෝල වාර්තා කළහ. පාකිස්තාන පිලේ වාර්තා වූ ගෝලය එල්ල කරනු ලැබුවේ සයීඩ් අහමඩ් විසිනි. 

ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට මාලදිවයින ක්‍රීඩා අමාත්‍ය හුසේන් ෂරීෆ්, පාපන්දු සම්මේලනයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර, පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපති රෝහණ බණ්ඩාර සහ නාවලපිටිය නගරාධිපති නිශාන්ත රණසිංහ මහත්වරු ද සහභාගි වූහ.

නාවලපිටිය විශේෂ ගඟ ඉහළ සමූහ ගම්පල සමූහ
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all