Photobucket

Monday, December 10, 2012

උතුරු කළුතර වෙරළ ඛාදනය දරුණුයි: ගොඩබිම මීටර් විස්සක් අවදානම්

උතුරු කළුතර කරාමුල්ල ප්‍රදේශයේ වෙරළ ඛාදනය ඉතා දරුණු තත්ත්වයට පත්ව තිබේ.

මීටර් සියයක පමණ දුරක් ගොඩබිම දෙසට මීටර් විස්සක් පමණ වන්න මේ වන විට ඛාදනයට ලක්ව ඇති අතර පොල් ගස් කීපයක් ද ගැලවී ගොස් ඇත.

 මේ තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් වෙරළ මාර්ගය මෙන්ම අවට නිවෙස්වලටද බලපෑම් ඇතිවිය හැකි බව ප්‍රදේශවාසිහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් “දිනමිණ”ට අදහස් දැක්වූ කළුතර නාගරික මන්ත්‍රී වසන්ත ඩයස් මහතා මෙසේ කීය.
පසුගිය සුනාමි ව්‍යසනයටවත් මේ වගේ වෙරළ ඛාදනය සිදුවුණේ නැහැ. මේ තත්ත්වය ඇතිවීමට කටුකුරුන්ද සංචාරක හෝටලයක් ආශ්‍රිතව මුහුද දෙසට අලුතින් දමා ඇති ගල් බැම්ම හේතුවන බව බොහෝ දෙනාගේ අදහසයි.

කරවැසි සුළං හරහට මෙසේ වෙරළ දෙසට මුහුදු රළත් සමග ඒම මේ තත්ත්වයට බලපා තිබෙනවා.
මේ සමුද්‍ර ඛාදනය නතර කිරීමට නම් හරහට ගල් බැම්මක් ඉදිකිරීම ඉක්මනින් කළ යුතු වෙනවා. වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ බලධාරීන්ගේ අවධානයට මේ තත්ත්වය අවධාරණය කරනවා. මෙය ප්‍රදේශවාසීන්ගේද අදහස වෙනවා.

නාගොඩ විශේෂ එන්. විජේරත්න
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all