Photobucket

Monday, December 10, 2012

යතුරුපැදිකරු අලියාගේ අ‍ඟේ හැපේ- අලියා මරහඬ දී කැලේ බිඳගෙන දුවයි

අම්පාර, උහන   මාර්ග‍යේ අලිකන්ද ප්‍රදේශයේ (08) සවස 6.30 ට පමණ මෝටර් සයිකලයක ගමන් සිටි පුද්ගලයෙක් පාර මාරුවෙමින් සිටි අලියකුගේ ඇ‍ඟේ වැදී ඇත. මෙයින් මහත් බියට පත් අලියා මහා හඬින් ගෑ ගසාගෙන වනය තුළට දිව‍ගොස් තිබේ. 

අලියාගේ කෑ ගැසිල්ල 2 කනුව ගම්මානයේ වැසියන්ට ද ඇසී ඇත. එම අවස්ථාවේ මාර්ගයේ පැමිණි තවත් කිහිප දෙනෙක් අලියාගේ ඇ‍ඟේ වැදී තුවාල ලබා වැටී සිටි තරුණයා අම්පාර රෝහල වෙත රැගෙන ගොස් ඇත. කළුපාට වයිසරයක් සහිත හෙල්මටයක් දමා ගෙන යතුරුපැදියේ ගමන් කිරීම නිසා අඳුර වැටීගෙන ආ ඒ මොහොතේ අලියා මෙම පුද්ගලයාට නොපෙනෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම මාර්ගයේ විශාල අලි රංචු නිතරම පාර මාරුවන ආකාරය දකින්නට ලැ‍බේ.

සඳරුවන් ජයවික්‍රම (උහන) 
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all