සිම්බාබ්වේ හිටපු සුදු නායකයකු වන ඉයන් ස්මිත්ට අයත් ගොවිපළක්ක් සිම්බාමබ්වේ
රජය විසින් පවරා ගනු ලැබූ බව එම ගොවිපලේ පාලනාධිකාරිය නිවේදන කර ඇත.
රාජ්‍ය සරසවියකට පැවැරීම සඳහා මෙම හෙක්ටයාර 592ක් වු ගොවිපල පවරා ගනු ලබන බව
සිම්බාබ්වේ රජය ඉකුත් සැප්තැම්බරයේ නිවේදන ය කර තිබුණි . ඉයන් ස්මිත් 2007දී මිය
ගිය අතරඔහුගේ භෂ්මාශේෂ මෙම ගොවිපළේ විසුරුවා හරිනු ලැබුනී. රජයේ මෙම තීරණයට
විරෝධය පළනොකරන බවත් එහි මස් පිනිස ඇති කරන ගවයන් 500ක් හා තවත් දේපළ විකුණා
50ක් පමණ වනසේවකයන්ට වන්දි ගෙවන බවත් ගොවිපළ බළධාරීහු කීහ.
සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ විසින් හඳුන්වා දෙන්නට යෙදුණු ඉඩම්
ප්‍රතිසංස්කරණ පනත අනුව සුදු ජාතිකයන් සතුව තිබූ ගොවිබිම්3000ක් රජයට පවරා
ගැනීමට යෝජිත විය.
දිනමිණ ඇසුරින් පලකරන ලදී.









0 comments:
Post a Comment