Photobucket

Wednesday, December 12, 2012

ලිංගික හිංසනයෙන් බේරා ගන්න ජීන්ස් තහනම්

ලිංගික අතවරයන් හා හිංසනයන් වලකාලීම සඳහා ඉන්දීය කාන්තා විදුහලක ශිෂ්‍යාවන්ට කලිසම් (ජීන්ස්) කොට ඇඳුම් හා ටි ෂර්ට් ඇඳීම තහනම් කර ඇති අතර එය ශිෂ්‍යාවන් හා මානව හිමිකම් ක්‍රියාකාරින් අතර විරෝධයක් මතුවීමට තුඩු දී ඇතැයි වාර්තාවේ.

මේ තහනම පනවා ඇත්තේ හර්යානා ප්‍රාන්තයේ අදාෂ් කාන්තා විදුහලේ බලධාරින් විසිනි. මෙම තහනම බිඳදමන අයට රුපියල් 100 ක දඩයක් ද නියම කර තිබේ. පාසල් ප්‍රධානි අලකා ෂර්මා පවසන්නේ ජීන්ස් හා ටී ෂර්ට් වැනි ඇඳුම් මුළුමනින්ම බටහිර කරණය වූ ඒවා වන අතර ඒවා ශිෂ්‍යාවන්ගේ ඇඟපත මැනවින් ආවරණය නොකරන බැවින් ඔවුන් වාචිකත්වයේ සිට ප්‍රහාරාත්මක තත්ත්වය දක්වා ලිංගික අතවරයන්ට හේතුවී ඇති බවය. 

තවද ජීන්ස් හා කෙටි උඩුකය ආවරණ ආකර්ෂණයට අතවනන්නක් බවද ඇය කියා තිබේ. තහනම පැනවුණු අදාෂ් විදුහලේ වයස අවුරුදු 16-19 අතර බාලිකාවන් උගෙනුම ලබන අතර බලධාරින් විසින් ඔවුන් ආරක්ෂා කරනවාට වඩා හිංසනයට ලක්කරන බව ප්‍රකාශ වී තිබේ.

මේ සම්බන්ධයෙන් විදුහලේ සිසුවියන් පවසා ඇත්තේ අදාල ඇඳුම් ඇඳීමෙන් වැලකී සිටි පමණින් පිරිමි ළමයින්ගේ ආකර්ෂණයෙන් මිදීමට හැකි නොවනු ඇති සේම අපරාධ වලක්වා ගත නොහැකි වනු ඇති බවය. මේනිසා ඉන්දීය ඇඳුමෙන් සැරසීමෙන් පවත්නා තත්ත්වයේ වෙනසක් සිදු වනු ඇතැයි නොසිතන බවද ඔවුන් කියා ඇත. 


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all