Photobucket

Wednesday, December 12, 2012

කොන්ක්‍රීට් ඇතිරීමේ නවීන යන්ත්‍ර හදුන්වා දෙයි

නවීණ තාක‍්ෂණයෙන් යුත් මාර්ග කොන්ක්‍රීට් ඇතිරීමේ යන්ත්‍ර ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. එම යන්ත්‍ර නිල වශයෙන් හඳුන්වාදීම ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ විදීයවත්ත, නාගස් මැන්ඩිය ප්‍රදේශයේදී සිදුවිය.

ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මහතාගේ සංකල්පයකට අනුව ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව රටපුරා ක්‍රියාත්මක කරනු ලබන මාර්ග කොන්ක්‍රීට් කිරීම උසස් නිමාවකින්, ප්‍රමිතියකින් සහ කාර්යක්ෂමතාවකින් සිදුකිරීම සඳහා මේ යන්ත්‍රය ආනයනය කළ බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

ආර්ථීක සංවර්ධන ඇමැති බැසිල් රාජපක‍ෂ මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් සභාව මඟින් මේ යන්ත්‍රය ආනයනය කර ඇති අතර එමඟින් ලැබෙන ප්‍රගතියට සොයාබලා තවත් යන්ත්‍ර ආනයනය කිරීමට අපේක‍්ෂා කරනු බවද එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.
 
මිනිස් ශ්‍රමය යොදා කොන්ක්‍රීට් කරනු ලැබූ මාර්ගවල නිසි නිමාවක් නොමැති හෙයින් ඒවායෙහි වාහන ගමන් කිරීමේ දී ඇති වන්නා වූ අපහසුතාව යන්ත්‍රානුසාරයෙන් මාර්ග කොන්ක්‍රීට් කිරීමේදී ඇති නොවන අතර එහි ප්‍රමිතිය කාපට් මාර්ගවල තත්ත්වයට ගෙන ඒමට මෙමගින් හැකියාව ලැබේ.

ගමනැඟුම, එක් ගමකට එක් වැඩක්, මඟ නැඟුම යනාදී සංවර්ධන වැඩසටහන් මඟින් දිවයින පුරා පිහිටි මාර්ග රැසක් මේවන විට කොන්ක්‍රීට් කර ඇති අතර මෙතෙක් මිනිස් ශ්‍රමය යොදා මාර්ග කොන්ක්‍රීට් කිරීම සිදුකළ බවද එමඟින් දිනකට කොන්ක්‍රීට් කිරීමට හැකියාව ලැබෙන්නේ මීටර් 300 ක් තරම් ප්‍රමාණයක් බවද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

නමුත් මේ යන්ත්‍රය භාවිතාකර දිනකට මාර්ග කිලෝමීටර දෙකක් පමණ කොන්ක්‍රීට් කිරීමට හැකියාව ලැබෙනු ඇත. බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග, බස්නාහිර පළාත් සභා ඇමැති නිමල් ලන්සා, බස්නාහිර පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ සාමානාධිකාරි ආර්.එම්.එස්. බණ්ඩාරනායක මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
 
Share on :

2 comments:

KAsunaaa said...

මමත් බයික් එකෙන් යද්දී කොන්ක්‍රීට් පාරක් මැද තිබ්බ වලක අන්පෙක්ෂිත ලෙස වැටිල ඇත පය නොකදී බේරුනේ අනූ නවයෙන්. මේකෙන් වත් වැඩේ හරියට වුනොත් හොදයි

Unknown said...

mamath hithana widiyata dannam hoda parawal tikak hadeyi meken wath

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all