Photobucket

Wednesday, December 12, 2012

පාකිස්තානු කණ්ඩායමෙන් ෂාහිඩ් අෆ්රිඩ් ඉවතට

මේ මස අවසානයේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ඉන්දු-පාකිස්තාන් එක්දින ක්‍රීඩා තරගාවලිය සඳහා නම් කළ පාකිස්තානු කණ්ඩායමෙන් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩි ඉවත් කර තිබේ. පසුගිය තරගාවලි කිහිපයකදීම අසාර්ථකවීම හේතුවෙන් අෆ්රිඩිට ස්ථානය අහිමිවී ඇති අතර අබ්දුල් රෙහමාන්, අයිසාස් චීමා, සොයෙල් තන්වීර් සහ ෂොයබේ  මලික්ටද ස්ථාන අහිමි වී තිබේ. ආබාධයකට ලක්වීම හේතුවෙන් අසාඩ් ෂෆීක්ද කණ්ඩායමට නම් කර නොමැත. යුනිස් ඩොන්, හැරිස් සොහේල්, වහාබ් රියාස්, උමාර් ගුල් හා සුල්ෆිකාර් බාබර් කණ්ඩායමට කැඳවා තිබේ.

පාකිස්තානු එක්දින කණ්ඩායම මොහොමඩ් හෆීස්, නසීර් ජම්ෂෙඩ්, අසාර් අලී, යුනිස් ඛාන්, මිස්බා උල්හක්, හැරිස් සොහේල්, කමරන් අක්මාල්, සයිඩ් අජ්මාල්, වහාබ් රියාස්, ජුනේඩ් ඛාන්, උමාර් ගුල්, ඉම්රාන් ෆරහත්, උමාර් අක්මාල්, අන්වර් අලී, සුල්ෆිකාර් බාබර්
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all